Posts

Showing posts from 2020

'පවන' කළේ මරණය අතේ තියාගෙන...

Image
[ 'පවන' කළේ මරණය අතේ තියාගෙන...] මේ මිත්‍රත්වය මෙහෙම පළුදු වෙලා තියෙන්නෙ දේශපාලනය නිසා. ඒගොල්ලන්ට ඕන ඕන දේවල් කරලා, ඒගොල්ලන්ගෙ බලය රැකගන්න නිසා, මේ සාමූහික සමගියට වැටක් බැඳිලා තියනවා. ඒ නිසා දෙමළ ජන ගී සංගත තැටියක් ම කළා. රන් සීනු කියලා දෙමළ සමාජයෙන් සම්මානයක් දුන්න මට . ම ගේ තාත්තා ඇඳුම් මහන්නෙක්. තාත්තා වැඩ කළේ කොළඹ සමාගමක. අපි නම දෙනකුගෙන් යුත් පවුලක දරිද්‍රතාවයෙන් අන්ත තත්ත්වයට පත් වෙච්ච පවුලක්. ගමේ ඉඳල කොටහේනේ ගෙවල් වලට ඇවිල්ලා අපි හුඟාක් දුක් වින්දා. අපි කොටහේනේ කාශිටි වත්තෙ හිටියේ.  අපිත් එක්ක මුස්ලිම්, සිංහල, දෙමළ සෑම ළමයෙක්ම අපේ වත්තේ හිටියා. අපි හොඳට සාමූහිකත්වය පුරුදු වුණා. මම හිතන්නේ මගේ තාත්තා ඉතාම ශක්තිසම්පන්න පියෙක්. එතුමා සතියෙ පඩිය ගත්තෙ. සුමානේ පඩි අරගෙන සුමානෙට ඕන දේවල් සැලසුම් කළා. හාල් මෙච්චරයි, පොල් මෙච්චරයි, සීනි තේ කොළ මෙච්චරයි, අපිට කන්න දෙන්නෙ මෙච්චරයි, අද දවසෙ මට පුළුවන් මෙච්චරයි. ඒ විදිහටයි සැලසුම් කළේ. ඒ නිසා මැරෙනකං ම එයා කාටවත් සත පහක්වත් ණය  උන්නෑ. කොච්චර දුප්පත් වුනත් හොදට සැලසුම් කළා. අපිටත් ඒක පුළුවන් වුණා. ඇත්තටම අපි ඉගනගත්තෙ කොටහේන ගුණානන්ද...

01 කොටස - සමකාලීන වේදිකාවේ නිළිය/ නළුවාගේ කාර්යය කුමක්ද?

Image
[01 කොටස] සමකාලීන වේ දිකාවේ නිළිය/ නළුවාගේ කාර්යය කුමක්ද ? ලූ ල් එප්නර් ( Luule Epner)  නිළියන්/නළුවන් වේදිකාව තුළ කුමක් කරනවාද යන පැනය අප ඇසුවහොත් පැහැදිලි ලෙසම එයට පිළිතුර වන්නේ ඔවුන්  රඟදක්වනවා යන්නයි (They are acting). නමුත් සමකාලීන අර්ථයෙන් අප එයට පිළිතුරක් ලබා දෙන්නේනම් අප පැවසිය යුත්තේ ඔවුන් යමක් ඉදිරිපත් කරනවා හෝ නිරූපණය කරනවා (They are performing) යනුවෙනි. මන්ද රූපණය පිළිබඳ සංකල්පය මගින් පමණක් වේදිකාවට මත සිදුවන සියලු කාර්යයන් ආවරණය නොකරන බවට පොදු මතයක් පවතින බැවිනි. ඒ හා සමානව, ‘ඉදිරිපත් කරන්නා’ (Performer) යන සංකල්පය ශාස්ත්‍රීය හා ජනප්‍රිය කතිකාවන්හි පැරණි හුරුපුරුදු වචනය වන ‘නිළිය/ නළුවා’ වෙනුවට ආදේශ කිරීමට බැඳී සිටී. මෙම ලිපියේ පරමාර්ථය වන්නේ සමකාලීන (බොහෝ දුරට පශ්චාත් නාට්‍යමය- postdramatic) රංග කලාව තුළ භාවිතා වන විවිධ උපාය මාර්ග ආවරණය වන පරිදි,  රූපණය පිළිබඳ සංකල්ප නම්‍යශීලීව සාකච්ඡාවට බඳුන් කිරීමයි. මෙම පර්යේෂණ පත්‍රිකාවේ පළමු කොටසේ දී, මා විසින් න්‍යායාත්මක රාමුවක් සහ රූපණ විධික්‍රම භාවිතා කිරීමෙන් රූපණය සම්බන්ධයෙන් නිර්මාණය වූ ගැටළු සාකච්ඡා කිරීමට බලාපො...

සොහොන් ගැබ හා සමරු පාඨය.....

Image
නිරුවතින් මා වළදමන්න. මිනී පෙට්ටියක් නොමැතිව, ඇඳුම් නොමැතිව හෝ ආවරණයක් නොමැතිව. යැදුම් හෝ චාරිත්‍ර අනවශ්‍යය... මා වල ගැඹුරෙහි තබන්න. සමුගැනීමේ ඉරියවුවක් ලෙස, මගේ මුහුණ ලෝකයට විරුද්ධ දිශාවට තබන්න...  මගේ සොහොනට සොහොන් ඵලකයක් ඉදි නොකරන්න. එසේම, මගේ නම කොතැනකවත් සටහන් නොකරන්න.... තමන්ගේ පොරොන්දු රැකීමට නොහැකි අය, සොහොන් ඵලක නොතබන්න..... එක් පොරොන්දුවක්වත් ඉටු නොවීය. නිශ්ශබ්දතාවය රකින්නට සොහොන් ඵලක අවශ්‍ය නැත, නිශ්ශබ්දතාවය රැකින….. ඵලක නැත. ඵලක මත නම් නැත.... නමක් නැත්නම් ගලක් අවශ්‍ය නොවේ ගලක් නොමැති නිසා ස්මාරකයක් නැත. ගලක් නැති, නමක් නැති තැනකට,  සොහොන් ඵලකයක් කුමට ද? "ඇවිලීම" නාට්‍ය පිටපතින්.....

කාලගෝලගේ දේහමය දේශපාලනය තේරුම් ගැනීම.

Image
    " නාට්‍ය අවසානයේ ඔහුගේ ඉරණම බාර ගන්නා ඔහු, එතැනින් නොනැවතී අප වෙත උපහාසාත්මක සිනහවක් පළ කිරීම සිත්ගන්නා සුළු අවසානයක් නාට්‍යයට ලබා දෙයි. එසේ සිනාවක් එක් කිරීමෙන් රචකයා පෙන්වීමට උත්සහ කළේ මෙම පීඩන කොන්දේසි උපහාසයට ලක් කිරීම විනා ඒවා බැහැර කිරීමට ඇති නොහැකියාව දැයි සිතේ".  ජනප්‍රිය බෞද්ධ කතාවක් පදනම් කරමින් රචනා කරන ලද කාලගෝල නාඩගම 1930 දශකයේ නිර්මාණය වූවක් ලෙස අනුමාන කළ හැක.ිකලකට පෙර චාල්ස් ගුණසිංහ ගුරුන්නාන්සේ විසින් රචනා කොට නිශ්පාදනය කරන ලද දික්තල කාලගෝල නාඩගම පුණ්‍යසේන ගුණසිංහ මහතා විසින් සංශෝධනය කොට නිශ්පාදනය කර ඇත. ප්‍රහසන ගනයේ නාට්‍යයක් සේ ගැනිය යුතු කාලගෝල, උම්මග්ග ජාතකයේ එන කතාවක් ඇසුරෙන් රචනා කරන ලද්දකි. සිංහල ජනතාවට ඉතා හුරුපුරුදු මේ කතාව හාස්‍යයෝත්පාදක අයුරෙන් නාට්‍යයකට නඟා ඇත’. දික්තල කාලගෝල නාට්‍ය නැරඹූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර දිවයිනට ප්‍රකාශ කර තිබුණේ එවන් අදහසකි. කාලගෝල නාට්‍ය රචනයට සහභාගි වූ ජාතකකතා කතුවරයා, චාල්ස් ගුණසිංහ ගුරුන්නාන්සේ, පුන්‍යසේන ගුණසිංහ යන තෙවැදෑරුම් පුද්ගලයන්ගේ නිර්මාණාත්මක මැදිහත්වීම්  විවිධ සමාජ සංදර්භ හරහා සිදු වුවද ඔවු...

News Article: ලීසිං නිසා 8704 දෙනෙක් මැරිලා තියනවා. ඔහු 8705 වැනියා

Image
"දේශපාලනඥයන් ඔය ලීසිං සමාගම් වල කොටස් කරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මොවුන් නිසියාකාරව ක්‍ර මවත් වැඩපිළිවෙළක් ගෙන එන්නේ නැත්තෙ". " ලී සිං ආයතනයත් එක්ක පොලිසිය ඉන්නවා, නීතිඥය ඉන්නවා, පාතාල ලෝකය ඉන්නවා. වාහනය අරගෙන යන්නෙ පාතාල ලෝකයේ මිනිස්සු ඇවිල්ල පහර දීල, බය කරලා. ලීසිං ක්‍ර මය කියල කියන්නෙ මාෆියාවක්. සම්පූර්ණ වගකීම රජය සහ මහ බැංකුව බාරගන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 නඩත්තු කරන්නේ මේ අපි වගේ ලීසිං ආයතනවලින් ණය වෙච්ච, ණයට හිර වෙච්ච මිනිස්සු හම්බු කරන බදු මුදලින්. ජනාධිපතිතුමා මේ රටේ දුප්පත්කම තුරන් කරන්න උත්සාහ කරනවනං කවමදාවත් ඒක සිදු වෙන්නේ නෑ. ලීසිං නිසා ජීවිතය එපා වෙච්ච සහ ඇතිවෙච්ච ප්‍ර ශ්නත් එක්ක 8704 දෙනෙක් මැරිලා තියනවා. අපි මෙම ලබන මාසේ 6 වනදින විශාල ජනතාවක් සමඟ රජයට බල කිරීමක් කරනවා. ලංකාවේ මේවන විට වාහන ලක්ෂ 80කට අධික ප්‍ර මාණයක් තියෙනවා. ඒ වගේම 90%කට අධික වාහන ප්‍ර මාණයක් ලීස් කරලා තමයි අරන් තියෙන්නේ. එතකොට මේ ලීසිං කරලා අරන් තියන වාහන හිමිකරුවන් ලීසිං ආයතනයේ ග්‍ර හණයට නතු වෙලා තියෙනවා. ඒ නතු වීම තුළ වාහනයක් අරගෙන යම් කිසි කර්මාන්තයක්...

හතේ අපේ පොත

Image
Image source: nationalheraldindia.com "ලිංගිකත්වය අවබෝධ කරගැනීමට ඉගැන්විය යුතුය" මාගේ රංගකලා මැදිහත්වීම තුළින් මේ දිනවල ආන්දෝලාත්මක මත පලකෙරෙන "හතේ අපේ පොත" සම්බන්ධයෙන් අදහසක් තැබීමට සිතුවෙමි. නලින් ද ප්‍රේ මරත්න ප්‍ර මුඛ Act 4 නාට්‍ය කණ්ඩායම සමග සංවාද මණ්ඩප වේදිකා මොඩලය (forum theatre) හරහා ලංකාවේ විශ්වවිද්‍යාල විද්‍යා ර්ථීන් අරඹයා නාට්‍ය දර්ශන ගනණාවක් සදහා සහභාගි වීමට මා හට අවස්ථාවක් ලැබුණි. ඒ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මූලිකත්වයෙනි. ඔ වුන් ගේ මැදිහත්වීමෙන් ලිංගික අධ්‍යා පනය සදහා ගුරුවරුන් පුහුණු කිරීමට ද අත්පොතක් සකස් කිරීම මීට පෙර සිදුවී තිබිණි. මෙම රංගකලා මැදිහත්වීම සිදු වූයේ "සෑම ගැබ්ගැනීමක් ම අවශ්‍යය වේ" යන තේමාවෙනි. ඇසූ පමණින් ම ආන්දෝලාත්මක වූවත් මෙහි අරමුණ වූයේ අනවශ්‍ය ගැබ් ගැනීම් මුල් අවස්ථාවේදී ම මැඩ පවත්වා ගැනීමයි. මන්ද ලංකාවේ ගැබ්ගැනීම් අතරින් සියයට 4.6 ක්ම නව යොවුන් වියේ සිදු වූ ඒවාවේ. මෙහිදී වාර්ථා වී ඇති ලිංගික අපරාධ වලින් වයස අවුරුදු 16ට අඩු දැරියන් 6000ක් වූ බවත් (2010-2015) එසේම 2015 වාර්ථා වූ HIV රෝගීන්ගෙන් 75ක්ම වයස ...

සමානාත්මතාවය වෙනුවෙන්...

Image
ජයදේව උයන්ගොඩ (Image source: groundviwes.org) 'සමාජයේ අපි ⁣⁣ඔක්කොම සමානයි?' පුරවැසිභාවය යනු මනුෂ්‍යයින්ට තමන් සාමාජිකත්වය දරණ දේශපාලන සමාජ⁣යෙන්, එනම් රාජ්‍යයෙන් , තමන් වෙත සමානත්වය, අයිතිවාසිකම් සහ යුක්තිය යන අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ අයිතිය (the right to demand rights) ලබාදෙන්න්කි. ඒ අනුව පුරවැසිභාවය යනු මනුෂ් ‍ යයින්ට අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ සහ ලැබීමේ අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියයි. වර්තමානයේ පුරවැසිභාවය පිලිබඳ න්‍යාය අර්බුදයකට මුහුණ පා සිටින බව සහ එම අර්බුදය ඉදිරියේ එම න්‍යාය යලි සකස් කිරීමට පාත්‍ර වී තිබේ. මෙහි පසුබිමේ දේශපාලන ප්‍ර වනතා තුනක් තිබෙන බව අපට හදුනා ගත හැකිය. එහි පළමු වැන්න නම්, සමාජයේ ඇති වාර්ගික සහ සංස්කෘතික අනන්‍යතා , ශාරීරික මානසික හැකියාව, ලිංගිකමය යොමුව ආදී වශයෙන් මනුෂ්‍ය ප්‍රජාව අතර ඇති විවිධත්වය (diversity) සහ වෙනස්කම් (differences) සමග පුරවැසිකමින් අපේක්ෂා කරන 'සමානාත්මාවය' පිලිබඳ නිෂ්ඨාව සමහන් කිරීමට සිදුවීමයි. සමානාත්මතාවය පිලිබඳ සාම්ප්‍ර දායික දේශපාලන න්‍යායික තේරුම් ගැ නීම ගොඩනගා තිබුනේ 'සියලු ම මනුෂ්‍ය යින් එක සමාන...

බිඳවැටීම සිතීමේ නිමේශයක් කරා...

Image
Vangogh shoes1885 කල්ප- හරිම හිස් කමක් දැනෙනවා. ඇයි මම ජීවත් වෙන්නේ? මම කවුද? කියලා හිතෙනවා. උපේක්ෂා - කල්ප මේක තමයි හොඳම වෙලාව. මාටින් හෛඩැගර් කියන විසිවන සියවසේ දාර්ශනිකයා කියල තියනවා අපිට යමක සැබෑ පැවැත්ම නිරාවරණ වෙන්නේ දෝෂයක් ඇති වූණාම  කියලා. මේ දැන් ඇවිල්ලා තියෙන්නෙත් ඒවගේ අවස්ථාවක්. ටිකක් කල්පනා කරා බලන්න.  

ඔබ කවුද?

Image
Feminism in Italian Contemporary art, at the Richard Saltoun gallery in London, UK. “ලග්ගල පුරුෂයෝ ඔවුන්ගේ ගැහැනුන්ට සහජ දුර්වලතා කිහිපයක් ඇතැයි සිතති. මෝහනය - ගැහැනු පහසුවෙන් ලිංගිකව පෙඹෙන, එමඟින් පුරුෂයන් කාමාශාවෙන් අනාචාරයට බඳවා පවුලේ සමෝදානයට එල්ලවන තර්ජනයකි. අවිශ්වාසය - කිසියම් ගැහැනියක් බිරිඳ වේවා, මව වේවා විශ්වාස කළ නොහැකිය. ගැහැනු ජරා මෙන්ම අපවිත්‍ර ද වෙති. ” - ගණනාථ ඔබේසේකර ලාංකිකයන් තවමත් ගැහැනිය යන්න අර්තකතනය කරන්නේ මෙකී සංදර්භය තුළින් ද? පසුගියදා ඇමති සනත් නිශාන්ත සහ ගම්පහ දිසා වනජීවී නිලධාරිනී දේවානී ජයතිලක අතර සිදු වූ සංවාදය හේතුවෙන් ලංකික දේශපාලනය සම්බන්ධයෙන් විශාල කතා බහක් ඇති විය.  ඒ බොහෝමයක් දෙනා මෙකී සිදුවීම අර්තකතනය කළ ආකාරය තුළින් නිරාවරණය වූයේ රාජ්‍ය බලය හිමි බලවතුන් විවේචනයට එහා ගිය කාන්තාවගේ අනන්‍යතාව ප්‍රශ්න කිරීමක් ලෙසයි. එනම් සමාජ මාධ්‍ය රැසක මෙකී සිදුවීම ප්‍රචාරය වූයේ සහ අගය කරනු ලැබූයේ මෙය පහළ රාජ්‍ය නිලධාරියෙකු විසින් ඉහළ නිලධාරියෙකුට සිදුකළ අභියෝගයක් හෝ මනුෂ්‍යයෙක් මනුෂ්‍යයෙක් වෙත කරන ලද අභියෝගයකට වඩා කාන්තාවක්...

ආදරනීය සියැටෙල්

Image
Image: https://www.wbur.org 'අනාගතයේ සිදු වන්නේ කුමක්ද.. ?  එය අපට හොඳින් දැකබලා ගැනීමට හැකිවනු ඇත' මිනිසා සොබාදහම අත්තනෝමතික ලෙස තමාගේ පාලනයට යටත් කරගැනීමට දරණ උත්සාහය නූතන ශිෂ්ටාචාරයේ අකාරුණිකත්වය මනාවට ප‍්‍රකට කරයි.  සොබාදහම   නූතන කාර්මික ශිෂ්ටාචාරයේ සියවස් හතරක දෛනික  පහරකෑමට ලක්වුණි. එහිදී සිදු වු පාරිසරික දූෂණය  සතුන් වද වී යාමට, ජල සම්පත් සිදී යාමට  මෙන්ම  ගෝලීය උණුසුම වැඩිවීම ආදී සියලූ ආකාරයේ විනාශයන් සඳහා හේතු විය. නමුත් දැන් උදාවී ඇති තත්වය මෙතෙක් සිදු වූ ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රතිපක්ෂයයි. එනම් නූ තන තාක්ෂණයට අභියෝග කිරීමට ඇසට නොපෙනෙන කොවිඩ්  19 වෛරසයට හැකිවී තිබීමයි. අප මේ සදහා මුහුණ දෙන්නේ කෙසේද? එසේ ම අනාගතයේ දී කටයුතු කළ යුත්තේ කෙසේද? මා ඒ සඳහා ප‍්‍රවේශයක් ලබා ගැනීමට සොබාදහම අපේ කොටසක් ලෙස සැලකීම වෙනුවට අප ද එහි ම අඩංගුවක් ලෙස තේරුම් ගැනීමට යෝජනා කරමි. පරිසරය සහ මානවයා පිළි බදව සිදුකෙරෙන සාකච්ඡාවේ  දී සිහියට නැඟන්නේ සියැටෙල් නම් ආ දරනීය මිනිසා ය. සොබාදහම වෙනුවෙන් ආදරය, කරුණාව නිර්ලෝභීව මුදාහල...