Posts

Showing posts from June, 2021

සුසුකි නළු-පුහුණු ක්‍රමවේදය පිළිබඳව හැඳින්වීමක්

Image
“ශිෂ්ටාචාරය ගොඩනැගීම සඳහා මිනිසා විසින් සාදන ලද ආයතන වලට වඩා සංස්කෘතිය වාසය කරන්නේ ශරීරයන් තුළයි  ”    Tadashi Suzuki ලෝක නාට්‍ය සම්ප්‍රදායන් අතර සම්භාව්‍ය ජපන් නාට්‍ය කලාවට ඇත්තේ සුවිශේෂී අනන්‍යතාවයකි. මෙහි එන නෝ (noh) ක්යෝගෙන් (kyogen) බුන්රකු (bunraku) හා කබුකි (kabuki) යනු මධ්‍යකාලීන යුගයේ සිට මේ දක්වා ජපානය තුළ පැවත එන සම්භාව්‍ය නාට්‍ය සම්ප්‍රදායයන් සතරකි. ජපානයේ පවතින සෑම සම්භාව්‍ය නාට්‍ය සම්ප්‍රදායක් ම ජපානයට ම ආවේණික වූ ලක්ෂණ වලින් යුක්ත වේ. තදාෂි සුසුකි (Tadashi Suzuki) යනු ජපන් නාට්‍ය කලාව පිළිබඳ ව සඳහන් කිරීමේ දී මඟහැර යා නොහැකි පෞරුෂයකි. ඔහු Suzuki Company of Toga (SCOT) ආයතනයේ පුරෝගාමියා මෙන්ම Mitsui Festival, Acting Company Mito Theatre හි ප්‍රධාන අධ්‍යක්ෂවරයා වේ. එසේම Japan Performing Arts Centre හි  සභාපති වන ඔහු විසින් නළුවන් පුහුණු කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර එය Suzuki Method ලෙස නම් කර තිබේ. පසුව එම නළු පුහුණු ක්‍රමවේදය ආසියාවේ පමණක් නොව ලෝකය පුරා රූපණය හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල හා රංගකලා පාසල් තුළ භාවිතා කරමින් සිටියි.  Figure 2:...