Posts

Showing posts with the label Sri Lanka

ගෙවී යන කම්කරු දිනය වෙනුවෙන්....

Image
"අපි ගෙවන්නේ නැහැ අපි ගෙවන්නේ නැහැ"  වේදිකා නාට්‍ය දිරාපත්වන ධනවාදී සමාජයක වෙසෙන පුද්ගලයාට වෛරී වූ විවිධ සමාජ සංස්ථාවෝ වෙති. පුද්ගලයාත් මේවාත් අතර ගැටුමක් පවතී. එවැනි සමාජයක වෙසෙන පුද්ගලයෙකු වන කම්කරුවාගේ ක්‍රියාකලාපයේ නිර්ණය කරනු ලබන්නේ මේ ගැටුම විසිනි. මේ තත්ත්වය තේරුම් යන ප්‍රමාණයට කලාකරුවා ඉබේම විප්ලවයේ හවුල්කරුවන් බවට පත්වන්නේය (ලියොන් ට්‍රොට්ස්කි හා සාහිත්‍යකලා). විදග්ධ සම්භාව්‍ය කලා ධාරාවන්ට ප්‍රතිපක්ෂව තම සමස්ත කලාව ව්‍යාපෘතිය පෙළ ගස්වා ගත් දාරියෝ ෆෝ කලාකරුවෙකු ලෙස මෙකී විප්ලවයේ හවුල්කරුවෙක් වන්නේය. නළුවෙකු, නාට්‍ය රචකයෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයකු, වේදිකා අලංකරණ ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ මාක්ස්වාදී දේශපාලන මත වාදියෙකු වශයෙන් කැපී පෙනෙන දාරියෝ ෆෝ විසින් නාට්‍ය 50 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත. "උන් එක ගිටාරයක් විනාශ කළ නමුත් දහසක් තනු ජනතාව සතුව ඇත" යන නාට්‍ය රට වටා පෙන්වමින් යන අවස්ථාවේ සාර්ඩිනියාවේ දී ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි. මෙහිදී නිෂ්පාදන බලවේගයන් සියල්ල ධනපතීන් කිහිපදෙනෙකු අතර පවතී. ඒ අතර ජනතාවගේ පුළුල් කොටස් වැඩි වැඩියෙන් නිර්ධනීන්...