Posts

“Difficulty” is a cultural script - ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම

Image
සුමුදු විකසිත   විසින් පසුගිය දා Music matters ආයතනය සංවිධානය කළ “The Listening Biennial 2025 Colombo” ප් ‍ රාසාංගික වැඩසටහනට සාපේක්ෂව ඉදිරිපත් කළ නර්තන / ප් ‍ රාසාංගික ඉදිරිපත් කිරීම පිළිබඳව සටහනක් තබමි . ඡායාරූපය 01                                                                                                                                             ඡායාරූපය 02 ‘අභිවහනයක්ම’ අධ්‍යයනය කිරීම සහ ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම. නර්තන, නාට්‍ය හා සංගීත ප්‍රසංග යනාදී ඕනෑම ප්‍රාසාංගික කලාවක් අධ්‍යනය කිරීම/ඇගයීම/විචාරය සිදුවන්නේ සෞන්දර්යයත්මක ගුණය පිළ...

බයිලා ගහන දවසක්

Image
  "උඹලා දෙන්නම මේකට විරුද්ධ රට ජාතිය ආගම ගැන තියෙන කැක්කුමකට  නෙවෙයි.  චීවරයක් ඇඳගත්ත ගෑනියෙක් මේක කරන එක ගැන කැක්කුමකට". ඡායාරූපය 01                    බයිලා ගහන දවසක්  වේදිකාගත වන්නේ කිනම් පසුබිමක දැයි ප්‍රථමයෙන්ම විමසා බලමු. රෙකෝඩින්ග් ස්ටූඩියෝ එකක ලොබි එකක් පසුතලයක් කරගෙන තිබෙන ආකාරය දිස්වේ. වේදිකාව සම්පූර්ණයෙන් ආලෝකමත් වී නැත. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත ත්‍රිත්වයක් දැකිය හැක. ප්‍රථමයෙන්ම අප ඉදිරිපිට පෙනී සිටින චරිතය වන්නේ ධම්මික ඇන්ටනී ය. ඔහු කලිසමක් හා අත් දිග කමිසයකින් සැරසුණු වයස අවුරුදු 48ක් පමණ වන අයෙකි. ධම්මික ඇන්ටනී කිසියම් තාලයකට බයිලා ගායනයක් ලියමින් පුහුණු වෙමින් සිටියි. පසුව එම ස්ථානයට එම ආයතනයේ අයිතිකරු පැමිණේ. මෙවන් පසුබිමක නාට්‍ය ආරම්භ වන අතර පසුව වේදිකාවට මෙහෙණිකෙනෙකුගේ  චරිතය ප්‍රවේශ වේ. මෙම චරිත ත්‍රිත්වය හරහා දිග හැරෙන්නේ දෛනික යථාර්ථය වුවත්, වේදිකාවට නාට්‍ය නිෂ්පාදනයක් ලෙස එය ගෙන එද්දී නරඹන ප්‍රේක්ෂාගාරයට යම් අපහසුතාවයක් දැනෙන්නට පුළුවන. ඒ බෞද්ධ භික්ෂුනියෙකුගේ චරිතයක් වේදිකාවට ගෙන්වා ග...

සුසුකි නළු-පුහුණු ක්‍රමවේදය පිළිබඳව හැඳින්වීමක්

Image
“ශිෂ්ටාචාරය ගොඩනැගීම සඳහා මිනිසා විසින් සාදන ලද ආයතන වලට වඩා සංස්කෘතිය වාසය කරන්නේ ශරීරයන් තුළයි  ”    Tadashi Suzuki ලෝක නාට්‍ය සම්ප්‍රදායන් අතර සම්භාව්‍ය ජපන් නාට්‍ය කලාවට ඇත්තේ සුවිශේෂී අනන්‍යතාවයකි. මෙහි එන නෝ (noh) ක්යෝගෙන් (kyogen) බුන්රකු (bunraku) හා කබුකි (kabuki) යනු මධ්‍යකාලීන යුගයේ සිට මේ දක්වා ජපානය තුළ පැවත එන සම්භාව්‍ය නාට්‍ය සම්ප්‍රදායයන් සතරකි. ජපානයේ පවතින සෑම සම්භාව්‍ය නාට්‍ය සම්ප්‍රදායක් ම ජපානයට ම ආවේණික වූ ලක්ෂණ වලින් යුක්ත වේ. තදාෂි සුසුකි (Tadashi Suzuki) යනු ජපන් නාට්‍ය කලාව පිළිබඳ ව සඳහන් කිරීමේ දී මඟහැර යා නොහැකි පෞරුෂයකි. ඔහු Suzuki Company of Toga (SCOT) ආයතනයේ පුරෝගාමියා මෙන්ම Mitsui Festival, Acting Company Mito Theatre හි ප්‍රධාන අධ්‍යක්ෂවරයා වේ. එසේම Japan Performing Arts Centre හි  සභාපති වන ඔහු විසින් නළුවන් පුහුණු කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර එය Suzuki Method ලෙස නම් කර තිබේ. පසුව එම නළු පුහුණු ක්‍රමවේදය ආසියාවේ පමණක් නොව ලෝකය පුරා රූපණය හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල හා රංගකලා පාසල් තුළ භාවිතා කරමින් සිටියි.  Figure 2:...

'පවන' කළේ මරණය අතේ තියාගෙන...

Image
[ 'පවන' කළේ මරණය අතේ තියාගෙන...] මේ මිත්‍රත්වය මෙහෙම පළුදු වෙලා තියෙන්නෙ දේශපාලනය නිසා. ඒගොල්ලන්ට ඕන ඕන දේවල් කරලා, ඒගොල්ලන්ගෙ බලය රැකගන්න නිසා, මේ සාමූහික සමගියට වැටක් බැඳිලා තියනවා. ඒ නිසා දෙමළ ජන ගී සංගත තැටියක් ම කළා. රන් සීනු කියලා දෙමළ සමාජයෙන් සම්මානයක් දුන්න මට . ම ගේ තාත්තා ඇඳුම් මහන්නෙක්. තාත්තා වැඩ කළේ කොළඹ සමාගමක. අපි නම දෙනකුගෙන් යුත් පවුලක දරිද්‍රතාවයෙන් අන්ත තත්ත්වයට පත් වෙච්ච පවුලක්. ගමේ ඉඳල කොටහේනේ ගෙවල් වලට ඇවිල්ලා අපි හුඟාක් දුක් වින්දා. අපි කොටහේනේ කාශිටි වත්තෙ හිටියේ.  අපිත් එක්ක මුස්ලිම්, සිංහල, දෙමළ සෑම ළමයෙක්ම අපේ වත්තේ හිටියා. අපි හොඳට සාමූහිකත්වය පුරුදු වුණා. මම හිතන්නේ මගේ තාත්තා ඉතාම ශක්තිසම්පන්න පියෙක්. එතුමා සතියෙ පඩිය ගත්තෙ. සුමානේ පඩි අරගෙන සුමානෙට ඕන දේවල් සැලසුම් කළා. හාල් මෙච්චරයි, පොල් මෙච්චරයි, සීනි තේ කොළ මෙච්චරයි, අපිට කන්න දෙන්නෙ මෙච්චරයි, අද දවසෙ මට පුළුවන් මෙච්චරයි. ඒ විදිහටයි සැලසුම් කළේ. ඒ නිසා මැරෙනකං ම එයා කාටවත් සත පහක්වත් ණය  උන්නෑ. කොච්චර දුප්පත් වුනත් හොදට සැලසුම් කළා. අපිටත් ඒක පුළුවන් වුණා. ඇත්තටම අපි ඉගනගත්තෙ කොටහේන ගුණානන්ද...

01 කොටස - සමකාලීන වේදිකාවේ නිළිය/ නළුවාගේ කාර්යය කුමක්ද?

Image
[01 කොටස] සමකාලීන වේ දිකාවේ නිළිය/ නළුවාගේ කාර්යය කුමක්ද ? ලූ ල් එප්නර් ( Luule Epner)  නිළියන්/නළුවන් වේදිකාව තුළ කුමක් කරනවාද යන පැනය අප ඇසුවහොත් පැහැදිලි ලෙසම එයට පිළිතුර වන්නේ ඔවුන්  රඟදක්වනවා යන්නයි (They are acting). නමුත් සමකාලීන අර්ථයෙන් අප එයට පිළිතුරක් ලබා දෙන්නේනම් අප පැවසිය යුත්තේ ඔවුන් යමක් ඉදිරිපත් කරනවා හෝ නිරූපණය කරනවා (They are performing) යනුවෙනි. මන්ද රූපණය පිළිබඳ සංකල්පය මගින් පමණක් වේදිකාවට මත සිදුවන සියලු කාර්යයන් ආවරණය නොකරන බවට පොදු මතයක් පවතින බැවිනි. ඒ හා සමානව, ‘ඉදිරිපත් කරන්නා’ (Performer) යන සංකල්පය ශාස්ත්‍රීය හා ජනප්‍රිය කතිකාවන්හි පැරණි හුරුපුරුදු වචනය වන ‘නිළිය/ නළුවා’ වෙනුවට ආදේශ කිරීමට බැඳී සිටී. මෙම ලිපියේ පරමාර්ථය වන්නේ සමකාලීන (බොහෝ දුරට පශ්චාත් නාට්‍යමය- postdramatic) රංග කලාව තුළ භාවිතා වන විවිධ උපාය මාර්ග ආවරණය වන පරිදි,  රූපණය පිළිබඳ සංකල්ප නම්‍යශීලීව සාකච්ඡාවට බඳුන් කිරීමයි. මෙම පර්යේෂණ පත්‍රිකාවේ පළමු කොටසේ දී, මා විසින් න්‍යායාත්මක රාමුවක් සහ රූපණ විධික්‍රම භාවිතා කිරීමෙන් රූපණය සම්බන්ධයෙන් නිර්මාණය වූ ගැටළු සාකච්ඡා කිරීමට බලාපො...

සොහොන් ගැබ හා සමරු පාඨය.....

Image
නිරුවතින් මා වළදමන්න. මිනී පෙට්ටියක් නොමැතිව, ඇඳුම් නොමැතිව හෝ ආවරණයක් නොමැතිව. යැදුම් හෝ චාරිත්‍ර අනවශ්‍යය... මා වල ගැඹුරෙහි තබන්න. සමුගැනීමේ ඉරියවුවක් ලෙස, මගේ මුහුණ ලෝකයට විරුද්ධ දිශාවට තබන්න...  මගේ සොහොනට සොහොන් ඵලකයක් ඉදි නොකරන්න. එසේම, මගේ නම කොතැනකවත් සටහන් නොකරන්න.... තමන්ගේ පොරොන්දු රැකීමට නොහැකි අය, සොහොන් ඵලක නොතබන්න..... එක් පොරොන්දුවක්වත් ඉටු නොවීය. නිශ්ශබ්දතාවය රකින්නට සොහොන් ඵලක අවශ්‍ය නැත, නිශ්ශබ්දතාවය රැකින….. ඵලක නැත. ඵලක මත නම් නැත.... නමක් නැත්නම් ගලක් අවශ්‍ය නොවේ ගලක් නොමැති නිසා ස්මාරකයක් නැත. ගලක් නැති, නමක් නැති තැනකට,  සොහොන් ඵලකයක් කුමට ද? "ඇවිලීම" නාට්‍ය පිටපතින්.....

කාලගෝලගේ දේහමය දේශපාලනය තේරුම් ගැනීම.

Image
    " නාට්‍ය අවසානයේ ඔහුගේ ඉරණම බාර ගන්නා ඔහු, එතැනින් නොනැවතී අප වෙත උපහාසාත්මක සිනහවක් පළ කිරීම සිත්ගන්නා සුළු අවසානයක් නාට්‍යයට ලබා දෙයි. එසේ සිනාවක් එක් කිරීමෙන් රචකයා පෙන්වීමට උත්සහ කළේ මෙම පීඩන කොන්දේසි උපහාසයට ලක් කිරීම විනා ඒවා බැහැර කිරීමට ඇති නොහැකියාව දැයි සිතේ".  ජනප්‍රිය බෞද්ධ කතාවක් පදනම් කරමින් රචනා කරන ලද කාලගෝල නාඩගම 1930 දශකයේ නිර්මාණය වූවක් ලෙස අනුමාන කළ හැක.ිකලකට පෙර චාල්ස් ගුණසිංහ ගුරුන්නාන්සේ විසින් රචනා කොට නිශ්පාදනය කරන ලද දික්තල කාලගෝල නාඩගම පුණ්‍යසේන ගුණසිංහ මහතා විසින් සංශෝධනය කොට නිශ්පාදනය කර ඇත. ප්‍රහසන ගනයේ නාට්‍යයක් සේ ගැනිය යුතු කාලගෝල, උම්මග්ග ජාතකයේ එන කතාවක් ඇසුරෙන් රචනා කරන ලද්දකි. සිංහල ජනතාවට ඉතා හුරුපුරුදු මේ කතාව හාස්‍යයෝත්පාදක අයුරෙන් නාට්‍යයකට නඟා ඇත’. දික්තල කාලගෝල නාට්‍ය නැරඹූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර දිවයිනට ප්‍රකාශ කර තිබුණේ එවන් අදහසකි. කාලගෝල නාට්‍ය රචනයට සහභාගි වූ ජාතකකතා කතුවරයා, චාල්ස් ගුණසිංහ ගුරුන්නාන්සේ, පුන්‍යසේන ගුණසිංහ යන තෙවැදෑරුම් පුද්ගලයන්ගේ නිර්මාණාත්මක මැදිහත්වීම්  විවිධ සමාජ සංදර්භ හරහා සිදු වුවද ඔවු...