සොහොන් ගැබ හා සමරු පාඨය.....


















නිරුවතින් මා වළදමන්න.

මිනී පෙට්ටියක් නොමැතිව,

ඇඳුම් නොමැතිව හෝ ආවරණයක් නොමැතිව.

යැදුම් හෝ චාරිත්‍ර අනවශ්‍යය...


මා වල ගැඹුරෙහි තබන්න.

සමුගැනීමේ ඉරියවුවක් ලෙස,

මගේ මුහුණ ලෝකයට විරුද්ධ දිශාවට තබන්න... 


මගේ සොහොනට සොහොන් ඵලකයක් ඉදි නොකරන්න.

එසේම, මගේ නම කොතැනකවත් සටහන් නොකරන්න....

තමන්ගේ පොරොන්දු රැකීමට නොහැකි අය,

සොහොන් ඵලක නොතබන්න.....


එක් පොරොන්දුවක්වත් ඉටු නොවීය.

නිශ්ශබ්දතාවය රකින්නට සොහොන් ඵලක අවශ්‍ය නැත,

නිශ්ශබ්දතාවය රැකින…..


ඵලක නැත.

ඵලක මත නම් නැත....

නමක් නැත්නම් ගලක් අවශ්‍ය නොවේ

ගලක් නොමැති නිසා ස්මාරකයක් නැත.

ගලක් නැති, නමක් නැති තැනකට, 

සොහොන් ඵලකයක් කුමට ද?


"ඇවිලීම" නාට්‍ය පිටපතින්.....






Comments

Popular posts from this blog

සුසුකි නළු-පුහුණු ක්‍රමවේදය පිළිබඳව හැඳින්වීමක්

කාලගෝලගේ දේහමය දේශපාලනය තේරුම් ගැනීම.

පොදු මානව විමුක්තිය තුළ ස්ත්‍රිය නියෝජනය නොවන්නේ ඇයි? හෙන්රි ජයසේනගේ “කුවේණි” ඇසුරින්