පොදු මානව විමුක්තිය තුළ ස්ත්‍රිය නියෝජනය නොවන්නේ ඇයි? හෙන්රි ජයසේනගේ “කුවේණි” ඇසුරින්
"කුවේණිය මා දකින්නේ මෙලොව සදාතනික ගැහැණිය ලෙසයි"
“ලග්ගල පුරුෂයෝ ඔවුන්ගේ
ගැහැනුන්ට සහජ දුර්වලතා කිහිපයක් ඇතැයි සිතති. මෝහනය - ගැහැනු පහසුවෙන් ලිංගිකව
පෙළඹෙන, එමඟින්
පුරුෂයන් කාමාශාවෙන් අනාචාරයට බඳවා පවුලේ සමෝදානයට එල්ලවන තර්ජනයකි. අවිශ්වාසය -
කිසියම් ගැහැනියක් බිරිඳ වේවා, මව වේවා විශ්වාස කළ නොහැකිය. ගැහැනු ජරා මෙන්ම අපවිත්‍ර
ද වෙති.” මෙම අදහස ගණනාථ ඔබේසේකර විසින් ඔහුගේ ග්‍රන්ථයක සටහන් කරන ලද්දකි.
අංක තුනක
මන:කල්පිතයක් ලෙස හෙන්රි ජයසේන විසින් “කුවේණි” නාට්‍ය 1962 දී රචනා කරන ලදී. මෙම නාට්‍යයෙන් නිරූපණය
වන්නේ කුවේණිය ගැන ප්‍රථම වරට ලියැවුණු මහාවංශයට ඉඳුරා ම වෙනස් වූ කුවේණියකි. ඔහු
සිදු කර ඇත්තේ ඉතිහාස කතාවක් නටා පෙන්වීම වැනි සුලබ ගනයේ කාර්යයක් නොවේ. මහාවංශයට
අනුව කුවේණිය යක්ෂනියකි. මන්ත්‍ර මායාවන්හි නිපුන වූ මායාකාරියකි. එසේ ම
බුදුන්වහන්සේ සක්දෙව් රජු අමතා කුවේණියගෙන් විජයට ආරක්ෂාව සැපයීමට උපදෙස් දුන් බව
ද මහාවංශයේ කියැවේ.
හෙන්රි ජයසේන
කුවේණියට නව අර්ථකතනයක් සපයමින් සිදුකර ඇත්තේ රැඩිකල් ක්‍රියාවක් වුවද ඒ තුළින්
පුරුෂයාට මෙන්ම ස්ත්‍රිය සතු වියහැකිභාවය ප්‍රකාශ කිරීම වෙනුවට නිරූපණය
කරන්නේ සමාජය විසින් ඉල්ලා සිටින සාම්ප්‍රදායික
ස්ත්‍රියයි. මා විසින් සාකච්ඡාවට බඳුන් කිරීමට අපේක්ෂා කරනුගේ ඔහුගේ පහත ප්‍රකාශයයි.
“කුවේණිය මා දකින්නේ මෙලොව සදාතනික ගැහැනිය
ලෙසයි”
එනම් කුවේණිය මේ ලොව සදාතනික ගැහැනිය යන සංකල්පය
නියෝජනය කරන්නේ ද යන වගයි.
කුවේණිය
විසින් විජයට සිදු කරා යැයි සැලකෙන දිවිදෝශය දුරලීමට කොහොඹා කංකාරිය සිදුකරන
ලාංකිකයන් ම කුවේණි නාට්‍ය ද වේදිකාවේ රඟදක්වනු නරඹති. එසේනම් කුවේණිය සම්බන්ධයෙන්
ලාංකිකයන්ට ඇත්තේ කිනම් අදහසක් ද? කොහොඹ කංකාරිය නැමති සිංහල පුරාවෘතයෙහි කුවේණි නිරූපණය
කර ඇති ආකාරය ලෝනා රෝඞ්ස් අමරසිංහම් දක්වන්නේ “කුවේණිය අපවිත්‍ර බව හා දුෂ්ට බව
යන්න නිරූපණය කරන අතර ම විජය රජෙකු වීමත් සිය තරාතිරමට පහත් භාර්යාවක් තබා ගැනීමත්
යන දෙක ම එකවර කිරීමට විජයට අවසර නැත. මේ හැර කුවේණි බලවත් ය. යක්ෂණියක වූ ඈ
උත්පත්තියෙන් ම පහත් තත්වයක සිටින්නීය. ඇගේ විවාහයෙන් ඇගේ පවිත්‍රත්ව මට්ටම වෙනස්
නොවේ. ඈ දිගින් දිගට ම අන්තරායකාරී සහ අයෝග්‍ය ස්ත්‍රියකි.”
මෙම වේදිකා
නාට්‍යයේ පමණක් නොව මෙකී කතා පුවත භාවිතයෙන් බිහි වූ කලා නිර්මාණ බොහෝමයක ම හදුනා
ගැනීමට ඇත්තේ ස්ත්‍රිය සමාජයෙන් වෙන් වූ ඒකකයක් ලෙස ඉදිරිපිටට ගෙන විත් ඇයට සිදු
වූ සමාජ බලපෑම් විමසා බැලීමයි. ගැහැණිය
මෙසේ සදාතනික අදහසක් ලෙස පැවතීම දෘෂ්ටිවාදයකි. කොන්ටෙන් මෙයසු (Meillassoax) පවසන ආකාරයට, “දෘෂ්ටිවාදය යනු පවත්නා
සමාජ අවශ්‍යතාවයන් ඒ ආකාරයටම පැවතිය යුතු යැයි විශ්වාස කිරීමයි”.
දාර්ශනික ප්‍රශ්නයක්
ලෙස ප්‍රථම වරට “ගැහැනියක් යනු කුමක්ද” යනුවෙන් ප්‍රශ්න කරන්නේ ප්‍රංශ ජාතික චින්තිකාවක් වන සිමෙන්ද බෝවා විසිනි. මෙය
පර්යේෂණාත්මකව පිළිතුරු සෙවීමට වන
ගැටලුවකි. 1945 සිමෙන්ද බෝවා විසින් රචිත “the
blood of other” කෘතියෙන් කියා සිටින පහත සඳහන් මතය එදා විසූ රැඩිකල්
කොටස් අතර පවා මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. ඇය පවසන ආකාරයට, ර්ණගැහැණියක උපදින්නේ නැත. සිදුවන්නේ, ඉපදුන මනුෂ්‍ය
ජීවියෙකු ගැහැණියක බවට පත්වීම පමණි.” මෙම
සත්ත්වයා නිර්මාණය කෙරෙන්නේ සමස්ත ශිෂ්ටාචාරය විසින් මිස, කිසියම් ජීවවිද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක හෝ
ආර්ථිකමය ඉරණමකින් නොවේ”
ජුඩිත් බට්ලර් විසින් ද සම්භාව්ය ස්ත්‍රීවාදයේ Sex(ලිංගය) හා Gender (ස්ත්‍රී පුරුෂ සමාජභාවය) අතර වෙනස අභියෝගයට ලක්කරමින් සංස්කෘතිය විසින් සමාජය ගැහැණු පිරිමි ලෙස බෙදා, සිටිය යුතු ආකාරය අර්ථකථනය කිරීමට පෙර ස්වාභාවික ලෝකය තුළ ලිංගික වෙනසක් තිබේ කියා සිදුකරන්නේ උපකල්පනයක් ලෙස තර්ක කරන්නීය. නමුත් කුවේණිට සිදුවූ අසාධාරණය ගැන නඩු තීන්දුව දෙමින් විනිශ්චයකරු පවසන්නේ,
කුමක් කළ හැකි වෙද ලඳුනි මට
වෙනු මිසක
කම්පා මෙ ඔබ ගැන ....
හෙන්රි ජයසේන
මෙසේ ද දක්වයි “ඇය යළි උපද්දවා අප ජීවත් වන මෙම විසිවන සියවසේ යුක්ති ධර්මය
ඉදිරියට මම ඇය ගෙන ආවෙමි. එහෙත් ප්‍රතිපලයෙහි වෙනසක් නැත. නෙත කඳුලින් යුතුව මම
ඇයගෙන් සමුගනිමි.” යනුවෙනි. ඔහු දෝෂය හඳුනාගත්ත ද එය යතාර්ථයක් බවට කිසිදා පත් කළ
නොහැකි සත්‍යක් ලෙස දක්වයි.
“කාන්තාවට පවුල තුළ ද්විතියික ස්ථානයක්
හිමිවීම” එවැනිම දෝෂයකිග අතීතයේ දී ශ්‍රී ලාංකික පවුල තුළ බිරිඳට මෙන්ම සැමියාට
හිමි තැන තීරණය වුයේ ජීවනෝපාය වෙනුවෙන් කෙතරම් ශ්‍රමය මුදාලිය හැකි ද යන්න මතයි. නමුත් කායික ශක්තිය පමණක් නොව අධ්‍යාපනය
ද හේතු කරගෙන රැකියා බිහිවූ පසු බිරිඳටත් සැමියා හා සමාන ඉඩප්‍රස්තාවක් පවුල තුළ
හිමිවුනි. වර්තමානයේ එය ලෝකේ බොහෝ රටවලට මෙන්ම ලංකාවට ද පොදු වූ සත්‍යකි.
බෝවාගේ “සියලු
මනුෂ්‍යයෝ මැරෙන සුලුය” (tous
les hommes sont mortels 1946 ) යන නවකතාව තුළින්
පුද්ගලයාගේ මැදිහත්වීම සහ පුද්ගල ක්‍රියාවන් හරහා ඉතිහාසය වෙනස් කිරීමේ විභවය
සාකච්ජා කරන්නීය. නමුත් කුවේණිය තුළන් ඉතිහාසය වර්තමානය තුළ යතාවක් කිරීමට උත්සාහ
කරයි. නැවතත් එහි දෙබස් කණ්ඩයක් වෙත ගියහොත් ,
දඩයක්කාරයා
- මොකටද වැද්දෝ වෙන්න හදන්නේ?
ජීවහත්ත -
ඉතිහාසයේ කියල තියන නිසා.
දිසාලා -
අපි කැලේට ගිහින් වැද්දෝ වුණා කිව්වා දඩයක්කාරයා
කුවේණි -
අපි කාලෙට ගිහින් වැද්දෝ වෙනවා අපි මිනිස්සු වෙන්නෑ

විනිශ්චයකරු:
ඔහුවමද ඉල්ලා සිටින්නේ?
කුවේණි :
එහෙයි ස්වාමිනී
කුවේණි දරුවන්
ලබා කාලයක් ගත වීමෙන් පසුව මාලිගයෙන් පිටවීමට විජය අණ කරයි. මෙහිදී හඳුනාගත හැකි
ආකාරයට මවක් සැමවිට ම තම දරුවන්ගේ වගකීම්
දැරිය යුතු යයි පිළිගැනීම ද ස්ත්‍රිය මත පැටවූ ඇය තවතවත් පීඩනයට ලක් කිරීමට සමත්
දෘෂ්ටිවාදී ලක්ෂණයකි.
ගැහැණිය හා
පිරිමියා ලෙස වර්ග කිරීමට හැකිනම් ඒ සියලු ගැහැණුන් අතර ඒකමිතියක් තිබීම
අනිවාර්යයවේ. නමුත් ගැහැණිය ලෙස පාරිශුද්ධ සමස්තයක් ගොඩනැගීමට නොහැක. “කුවේණියගේ
අත්දැකීම සර්වකාලීන වේ” නම් අද දවසේ මධ්‍යම
පාන්තික තරුණියකගේ අවශ්‍යතාවය කුවේණිය හා සමාන්තර විය යුතුය. මෙහිදී පවතින සමාජ
වටපිටාව මිනිස්වාසයට සුදුසු තැනක් කරගැනීමේ අරමුණින් තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ
නැගීම වෙනුවට ලේසියෙන් ම තෝරාගත හැකි මාර්ගය තෝරාගනී. එනම් වනයට ගොස් වැද්දන්
වීමයි.
එසේම සුරන් වර
ලැබ ගෙනය ආවේ.... යන පද්‍ය තුළින් ආගමික අදහසක් ආරූඪ කරගනිමින් කුවේණියට අනුභූතික
නොවන පැවැත්මක් හිමි, මේ ලෝකයට වඩා කාන්තාවට වාසයට සුදුසු ස්ථානයක පවතින බව
පෙන්වාදෙයි. මිෂෙල් ෆූකෝ නීති තුළින් මිනිසා බිහිකරන බව දක්වයි. එමඟින් සමාජය තුළ
රඳවා ගත යුත්තේ කිනම් පිරිසක් ද යන්න තීරණය කරයි. නාට්‍ය තුළ කුවේණිය වනය වෙත
යන්නේ එකී ජන සමාජය තුළ ඇයට ඉඩක් තනා දීමට ජයසේනගේ දෘෂ්ටියට ශක්තිමත් නොමැති
නිසාවෙනි. ඔහුගේ පහත ප්‍රකාශයෙන් ඒ බව යලි යලිත් සනාථ වේ.
“මෙය ම විසින් ඉතිහාසයට
හෝ ජන සම්මතයට හෝ විරුද්ධ ව දෑත් දිගු කොට මුරගා අරඹන සටනක් නොවේ. ඈත අඳුරු අතීතයේ
මෙහි විසූ කිසියම් අභාග්‍යසම්පන්න ස්ත්‍රියක නිසා හද තුළ නැඟුණු දයානුකම්පාවේ ප්‍රතිපලයකි; මායාවක්, මිරිඟුවක් දෙනෙත්
ඉදිරියේ හුවා හද සනසා ගැනීමට දැරූ ප්‍රයත්නයකි.”
ගැහැණිය යනු
සමාජයේ දෙවෙනි තැනක් හිමි අයෙකු ලෙස සැලකීමේ දේශපාලනික ප්‍රශ්නය විසඳා ගැනීමට
හැක්කේ ද සමාජය තුළම ය. මෙහිදී සාම්ප්‍රදායික ස්ත්‍රිය සදාතනික කීරීම තුළින් එකී
මතය අනුමත කිරීමක් නිරායාසයෙන් ම සිදු කෙරේ. කුවේණියගේ දිවිතොර කළ ද ප්‍රබන්ධයේ එන
ආකාරයේ සාප නොකිරීම, සටන් කිරීමෙන් වැලකී ස්වාමියාම පතා සිටීම සැබෑවට ම
කුවේණිය නිරුපණය කිරීමක් නොව ජයසේනට කුවේණිය ගැන තිබෙන සාම්ප්‍රදායික දෘෂ්ටිවාදී
අදහස විනිවිද යාමකි. කුවේණිය සදාකාලික
ස්ත්‍රියක් වනවාද නැද්ද යන අදහස ඇත්තේ ඇය සතුවයි. එම නිසා අපි මෙතැන් සිට
කුවේණියට සවන් දෙමු. මන්ද හෙන්රි ජයසේනට අනුව කුවේණි මෙලොව සදාතනික ගැහැණිය
නිරුපණය කරනවා නම්ල සහ ඇයට සිදුවන්නේ පුරුෂයාගේ පීඩනයට ලක්වීමට නම්ල ස්ත්‍රියට
පැවතීමට මෙලොව මිනිස් වාසයෙන් තොර වී, ජීවිතය
කෙළවර සුගතියක් ලබාගැනීමට අරමුණු කළ යුතු වේ. එනම් කාන්තාවක් ජීවත් වෙමින්
සිටිය දී ඇයට විමුක්තියක් බලාපොරොත්තු විය නොහැක.
මෙහිදී අපට
හඳුනාගත හැක්කේ හෙන්රි ජයසේන කුවේණි නාට්‍ය තුළින් සිදුකළ ආකාරයට ස්ත්‍රිය කෙරෙහි
අනුකම්පාව දැක්වීම යනුම දෘෂ්ටිවාදයක් ස්ථාපනය කිරීමක් ලෙසයි . එසේනම් සත්‍ය වශයෙන්
ම මේ මොහොතේ ස්ත්‍රීය වෙනුවෙන් සිදුකරන සුභවාදී මැදිහත් වීම වනාහී සිමෙන්දී බෝවා
සිදුකලා මෙන් ඉතිහාසය වෙනස් කිරීමට ඇති විභවය හඳුනාගැනීමත් එකී හැකියාව කලා
නිර්මාණ සඳහා භාවිතාත්මක ලෙස යොදාගැනීමත් ය.









Comments
Post a Comment