තමාට තමාවම දෘෂ්‍යමාන කරවන බ්‍රෙෂ්ටියානු නාට්‍ය කලාව.
Image Source:Internet, RobertoOstiPanopticon "ඇබිත්ත ඇබිත්ත කාපං හරියට ඉවරනවට ලෝබයි වගේ. දුප්පත් මිනිස්සු කන්නේ එහෙමයි". මිෂෙල් ෆූකෝ විසින් Discipline and Punish (The birth of the Prison )නම් ග්‍රන්ථය රචනා කිරීමෙන් නූතනත්වය ආරම්භයේ දී ඉන්පෙර පැවති දඬුවම් කිරීමේ (Punish)සිට විනයගත කිරීම (Discipline) දක්වා සමාජය විකාශය වූ ආකාරය පෙන්වා දෙයි. ග්‍රන්ථයේ Panopticism නම් අනු කොටසේ ජෙරමි බෙන්තම් විසින් ආකෘතිගත කරන ලද Panoptic නම් ගොඩනැගිල්ල පිලිබඳ ව විග්‍රහ කරයි. මෙම ගොඩනැගිල්ල කේන්ද්‍රයේ නිරීක්ෂණ කුළුණකික්(අදුරු බැවින් සිරකරුවන්ට කිසිවක් නොපෙනේ) හා පරිධිය කවාකාර ගොඩනැගිල්ලකින් සමන්විතයි. කවාකාර කොටසේ සිරකරුවන් (උන්මත්තකයින්, රෝගීන්, වරදකරුවන්, කම්කරුවන්, ශිෂ්‍යයන්...) රැඳවීමටත්, විශාල පිරිසක් කේන්ද්‍රයේ වූ තනි නිලධාරියෙකු විසින් නිරන්තර නිරීක්ෂණයට ද භාජනය වේ. මෙහිදී කුටිය තුළ ඇති පුළුල් කවුළු වෙත පතිත වන ආලෝකධාරා සිරකරුවාගේ කුමන ආකාරයේ හැසිරීමකට හෝ නිරීක්ෂකයාගෙන් මිදීමට ඉඩ නොදේ( බිත්ති මත පතිත සෙවනැල්ල නිරීක්ෂණය මගින්). මෙහිදී සිරකරුවා...