Posts

Showing posts from May, 2020

තමාට තමාවම දෘෂ්‍යමාන කරවන බ්‍රෙෂ්ටියානු නාට්‍ය කලාව.

Image
Image Source:Internet, RobertoOstiPanopticon "ඇබිත්ත ඇබිත්ත කාපං හරියට ඉවරනවට ලෝබයි වගේ. දුප්පත් මිනිස්සු කන්නේ එහෙමයි".          මිෂෙල් ෆූකෝ විසින් Discipline and Punish (The birth of the Prison )නම් ග්‍රන්ථය රචනා කිරීමෙන් නූතනත්වය ආරම්භයේ දී ඉන්පෙර පැවති දඬුවම් කිරීමේ (Punish)සිට විනයගත කිරීම (Discipline) දක්වා  සමාජය විකාශය වූ ආකාරය පෙන්වා දෙයි. ග්‍රන්ථයේ Panopticism  නම් අනු කොටසේ ජෙරමි බෙන්තම් විසින් ආකෘතිගත කරන ලද Panoptic නම් ගොඩනැගිල්ල පිලිබඳ ව විග්‍රහ කරයි. මෙම ගොඩනැගිල්ල කේන්ද්‍රයේ නිරීක්ෂණ කුළුණකික්(අදුරු බැවින් සිරකරුවන්ට කිසිවක් නොපෙනේ) හා පරිධිය කවාකාර ගොඩනැගිල්ලකින් සමන්විතයි. කවාකාර කොටසේ සිරකරුවන් (උන්මත්තකයින්, රෝගීන්, වරදකරුවන්, කම්කරුවන්, ශිෂ්‍යයන්...) රැඳවීමටත්, විශාල පිරිසක් කේන්ද්‍රයේ වූ තනි නිලධාරියෙකු විසින් නිරන්තර නිරීක්ෂණයට ද භාජනය වේ. මෙහිදී කුටිය තුළ ඇති පුළුල් කවුළු වෙත පතිත වන ආලෝකධාරා සිරකරුවාගේ කුමන ආකාරයේ හැසිරීමකට හෝ නිරීක්ෂකයාගෙන් මිදීමට ඉඩ නොදේ( බිත්ති මත පතිත සෙවනැල්ල නිරීක්ෂණය මගින්). මෙහිදී සිරකරුවා...

සියදිවි නසාගැනීම දාර්ශනික ප්‍රශ්නයක් ලෙස – The Seventh Continent

Image
Image: www.themoviedb.org අප පවතින්නේ ඇයි? ‘The Seventh Continent’, ඔස්ට්‍රියානු ජාතික ‘මයිකල් හනෙ‍කේ’ විසින් 1989 දී අධ්‍යක්ෂණය කරන ලද  ඔහුගේ ප්‍රථම චිත්‍රපටය යි. චිත්‍රපටයෙන් ගෙනඑන්නේ පවුලේ සියලු දෙනා සියදිවි නසාගන්නා මධ්‍යම පංතික පවුලක කතාන්දරයකි. යුරෝපීය පවුලක් අවසන් අවුරුදු කිහිපය ගතකරන ආකාරය මෙම සිනමා පටය තුළින් නිරූපිතයි. ගෘහ මුලිකයා වන ජෝර්ජ්, වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. බිරිඳ ඇනා, දෘෂ්ටි විශේෂඥවරි‍යෙකි. දියණිය ඊවා, පාසල් අධ්‍යාපනය ලබන දැරියකි. පළමුව අප චිත්‍රපටයේ කථා වින්‍යාසය වෙත අවධානය යොමු කරමු.

සොල්දාදුව නුඹ කවුද?

Image
Jagath Weerasinghe, Untitled, 2007. Acrylic on paper. Courtesy the artist ""සොල්දාදුවෝ ඉතා අවිනිශ්චිත යථාර්ථයක් වෙත ගමන් කරති. ඊට එරෙහිව හෝ එකඟව මට වචනයකුදු ප්‍රකාශ කළ නොහැකිය. ඇත්තටම මගේ ආදරය ප්‍රකාශ කිරීමට ඉඩක් නැත"      -සනත් කළුබදන - යුද්ධය සහ පුරවැසිභාවය(සොල්දාදුවාගේ) පිළිබඳ ඛේදජනක ප්‍රහේලිකාවකට වියට්නාමයේ සේවය කළ සෙබළුන්ගේ ව්‍යාපාරය විසින් අවධානය යොමු කෙරිණි. එනම් තරුණ පිරිමින් යුද්ධයට බඳවා ගත්තේත්, යුද සේවයට යවනු ලැබුවේත් ""යුද්ධය යනු පුරවැසියෙකුට තම මවුබිම වෙනුවෙන් කළ හැකි උපරිම පරිත්‍යාග කිරීමේ අවස්ථාව"" ලෙස වර්ණනා කරන කතිකාවක් තුළයි. එහෙත් යුද්ධයට ගොස් ශාරීරික හා මානසික තුවාල ලබා ආපසු පැමිණි සෙබළුන්ට රාජ්‍යයත්, මහජනයාත් සැලකුවේ තමන් වෙත එල්ල වන අනවශ්‍ය බරක් ලෙසයි.

ගෝලීය වසංගතය අභිමුවයේ කලාකරුවා

Image
View from inside an individual cell towards the tower at the centre එසේනම් මේ ආකාරයට පුද්ගල අනන්‍යතාවයන් තහවුරු කරමින් රාජ්‍ය විසින් ගෙන යනු ලබන ක්‍රියාකාරීත්වය(අවේක්ෂණය) තුළ ඉදිරිපෙළට යාමට නියමිත චූදිතයා වන කලාකරුවාට මුහුණපෑමට සිදුවන අභියෝගයේ තරම පසක් නොවේද? ජෙරමි බෙන්තම් විසින් නිර්මාණය කරන ලද panopticon නැමති ගොඩනැගීම සිරකරුවන් රැඳවීමේ අපේක්ෂාවෙන් ඉදිකරන ලද්දකි. මෙම කවාකාර ගොඩනැගිල්ලේ කේන්ද්‍රය කුළුණකින් සමන්විතයි. එහි වන නිලධාරියෙකු විසින් පරිධියෙහි කුටිවල සිටින සිරකරුවන් නිරීක්ෂණය කරයි. කුටි පුළුල් ජනෙල් වලින් සමන්විත වේ. මෙහිදී කුටි වෙතට එල්ල වන ආලෝකය තවදුරටත් නිරන්තර නිරීක්ෂකයෙකු මෙන් ක්‍රියාකරයි. එහිදී සෙවනැල්ල තුළින් පවා සිරකරුවන්ගේ ක්‍රියාකලාපය කුළුණ වෙත දෘශ්‍යමාන වේ. මෙය පුංචි නාට්‍යගාරයක් වැනිය. සෑම පුද්ගලයෙකුට ම තමාගේම කුටියක් හිමි වේ. එසේම සිරකරුවන්ට දෙපස ඇති බිත්ති දෙක හේතුවෙන් අනෙක් සිරකරුවන් සමග සම්බන්ධ වීම අහුරා ඇත. සිරකරුවන්ට කිසිවක් නොපෙනේ. එසේම ඔහු තොරතුරු වල වස්තුව බවට හා සන්නිවේදනයේ විෂයක් බවට පත්වේ. මෙසේ අවේක්ෂණයට(monitoring) භාජනය වීම අප අද ම...

‘සංචාරක කෝකිලාව’ – කියවීමක්

Image
Departure – (Max Beckmann) වෛෂයික හා සංස්කෘතිකමය වශයෙන් පුද්ගලයෙකු සිදුකරන නිර්මාණයක් සඳහා ආත්මීය කුසලතා ක්‍රියාත්මක වන හෙයින් ද ඕනෑ ම දාර්ශනික, සමාජ විද්‍යාත්මක, විද්‍යාත්මක හෝ කලාත්මක නව නිපැයුමක් දුර්ලභ ගනයේ අහම්බයකි. කලාකරුවාගේ ක්‍රියාකලාපය නිර්ණය කරනු ලබන්නේ සමාජ සංස්ථාවෝ අතර ගැටුම විසිනි. මෙකී තත්වය අවබෝධ කරගන්නා ප්‍රමාණය අනුව කලාකරුවා නිරායාසයෙන්ම විප්ලවයේ හවුල්කරුවා බවට පත්වන්නේ ය.

සමාජීයත්වය යනු බැහැර කිරීමට එරෙහිව කරන අරගලය යි

Image
"මේ යථාර්ථය තේරුම් ගත් විට අප රටේ හිරු උදාකර දීමට අහස සූදානම් වනු ඇත". සිංහලයෙක් යනු කුමක්ද? තීර්ත රෙඩ් ඩොට් කලාගාරයේ  කදිර් ස්මයිලි සමඟ පැවති සාකච්ඡාවක් තුළින් ශ‍්‍රී ලංකාව සිංහල ජාතිය මුල්කරත් රාජ්‍යක් ලෙස ගොඩනැගී පැවතීමේ ප‍්‍රාථමික කොන්දේසිය වන්නේ ම මෙරට සුළුතර ජාතීන්ගේ පැවැත්ම බව නැවතත් අවධාරණය කෙරුණි. ඉතාම සංකීර්ණ මෙම සහසම්බන්ධය ඔහු පැහැදිලි කරන්නේ ගැහැනියක් යනු කුමක්ද? යන ප‍්‍රශ්නය උදාහරණ ලෙස දක්වමිනි. ස්ත‍්‍රී විමුක්තිකාමීන් ඉල්ලා සිටින විමුක්තිය උදාකරලීමට ද අකමැත්තෙන් වුව පුර්ෂ මූලිකත්වය හැමවිටම ඒ වනවිටත් පිළිිගෙන සිටිය යුතු බව ඔහු පවසයි. ජෝන් ලොක් පවා ලිංගභේදය හඳුන්වන්නේ පිරිමියා සහ බිරිඳ ලෙසයි. එනම් පිරිමියාට සාපේක්ශව ගැහැණිය අර්ථකථනය කිරීමයි. එසේනම් වෙනස පිලිගැනීම තුළින් ඒකීයත්වයක් ගොඩනැගීමේ මෙම වියවුලට මුහුණදීමට අප සවිඥානිකව කටයුතු කළයුතු නොවේ ද? මන්ද මේ පිලිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කරන්නා හා එසේ නොමැති වූ ජාතිවාදියා හෝ පුරුෂෝත්තමවාදියා යනු ප‍්‍රායෝගික තලයේදී පැහැදිලිව හඳුනාගත හැකි පාර්ශව දෙකකි. අප මෙලෙස අනෙකාට සාපේක්ශ ව තම පැවැත්ම තහවුරු කරගෙන ඇති  බව ල...

පොදු මානව විමුක්තිය තුළ ස්ත්‍රිය නියෝජනය නොවන්නේ ඇයි? හෙන්රි ජයසේනගේ “කුවේණි” ඇසුරින්

Image
"කුවේණිය මා දකින්නේ මෙලොව සදාතනික ගැහැණිය ලෙසයි"   “ ලග්ගල පුරුෂයෝ ඔවුන්ගේ ගැහැනුන්ට සහජ දුර්වලතා කිහිපයක් ඇතැයි සිතති. මෝහනය - ගැහැනු පහසුවෙන් ලිංගිකව පෙළඹෙන , එමඟින් පුරුෂයන් කාමාශාවෙන් අනාචාරයට බඳවා පවුලේ සමෝදානයට එල්ලවන තර්ජනයකි. අවිශ්වාසය - කිසියම් ගැහැනියක් බිරිඳ වේවා , මව වේවා විශ්වාස කළ නොහැකිය. ගැහැනු ජරා මෙන්ම අපවිත්‍ර ද වෙති.” මෙම අදහස ගණනාථ ඔබේසේකර විසින් ඔහුගේ ග්‍රන්ථයක සටහන් කරන ලද්දකි. අංක තුනක මන:කල්පිතයක් ලෙස හෙන්රි ජයසේන විසින් “කුවේණි” නාට්‍ය  1962 දී රචනා කරන ලදී. මෙම නාට්‍යයෙන් නිරූපණය වන්නේ කුවේණිය ගැන ප්‍රථම වරට ලියැවුණු මහාවංශයට ඉඳුරා ම වෙනස් වූ කුවේණියකි. ඔහු සිදු කර ඇත්තේ ඉතිහාස කතාවක් නටා පෙන්වීම වැනි සුලබ ගනයේ කාර්යයක් නොවේ. මහාවංශයට අනුව කුවේණිය යක්ෂනියකි. මන්ත්‍ර මායාවන්හි නිපුන වූ මායාකාරියකි. එසේ ම බුදුන්වහන්සේ සක්දෙව් රජු අමතා කුවේණියගෙන් විජයට ආරක්ෂාව සැපයීමට උපදෙස් දුන් බව ද මහාවංශයේ කියැවේ. හෙන්රි ජයසේන කුවේණියට නව අර්ථකතනයක් සපයමින් සිදුකර ඇත්තේ රැඩිකල් ක්‍රියාවක් වුවද ඒ තුළින් පුරුෂයාට මෙන්ම ස්ත්‍රිය සතු වියහැකිභාවය ප්‍රකා...

ගෙවී යන කම්කරු දිනය වෙනුවෙන්....

Image
"අපි ගෙවන්නේ නැහැ අපි ගෙවන්නේ නැහැ"  වේදිකා නාට්‍ය දිරාපත්වන ධනවාදී සමාජයක වෙසෙන පුද්ගලයාට වෛරී වූ විවිධ සමාජ සංස්ථාවෝ වෙති. පුද්ගලයාත් මේවාත් අතර ගැටුමක් පවතී. එවැනි සමාජයක වෙසෙන පුද්ගලයෙකු වන කම්කරුවාගේ ක්‍රියාකලාපයේ නිර්ණය කරනු ලබන්නේ මේ ගැටුම විසිනි. මේ තත්ත්වය තේරුම් යන ප්‍රමාණයට කලාකරුවා ඉබේම විප්ලවයේ හවුල්කරුවන් බවට පත්වන්නේය (ලියොන් ට්‍රොට්ස්කි හා සාහිත්‍යකලා). විදග්ධ සම්භාව්‍ය කලා ධාරාවන්ට ප්‍රතිපක්ෂව තම සමස්ත කලාව ව්‍යාපෘතිය පෙළ ගස්වා ගත් දාරියෝ ෆෝ කලාකරුවෙකු ලෙස මෙකී විප්ලවයේ හවුල්කරුවෙක් වන්නේය. නළුවෙකු, නාට්‍ය රචකයෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයකු, වේදිකා අලංකරණ ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ මාක්ස්වාදී දේශපාලන මත වාදියෙකු වශයෙන් කැපී පෙනෙන දාරියෝ ෆෝ විසින් නාට්‍ය 50 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත. "උන් එක ගිටාරයක් විනාශ කළ නමුත් දහසක් තනු ජනතාව සතුව ඇත" යන නාට්‍ය රට වටා පෙන්වමින් යන අවස්ථාවේ සාර්ඩිනියාවේ දී ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි. මෙහිදී නිෂ්පාදන බලවේගයන් සියල්ල ධනපතීන් කිහිපදෙනෙකු අතර පවතී. ඒ අතර ජනතාවගේ පුළුල් කොටස් වැඩි වැඩියෙන් නිර්ධනීන්...