Contact Get link Facebook X Pinterest Email Other Apps විද්‍යුත් ලිපිනය: chamaneedarshika95@gmail.com Get link Facebook X Pinterest Email Other Apps
සුසුකි නළු-පුහුණු ක්‍රමවේදය පිළිබඳව හැඳින්වීමක් “ශිෂ්ටාචාරය ගොඩනැගීම සඳහා මිනිසා විසින් සාදන ලද ආයතන වලට වඩා සංස්කෘතිය වාසය කරන්නේ ශරීරයන් තුළයි ” Tadashi Suzuki ලෝක නාට්‍ය සම්ප්‍රදායන් අතර සම්භාව්‍ය ජපන් නාට්‍ය කලාවට ඇත්තේ සුවිශේෂී අනන්‍යතාවයකි. මෙහි එන නෝ (noh) ක්යෝගෙන් (kyogen) බුන්රකු (bunraku) හා කබුකි (kabuki) යනු මධ්‍යකාලීන යුගයේ සිට මේ දක්වා ජපානය තුළ පැවත එන සම්භාව්‍ය නාට්‍ය සම්ප්රදායයන් සතරකි. ජපානයේ පවතින සෑම සම්භාව්‍ය නාට්‍ය සම්ප්රදායක් ම ජපානයට ම ආවේණික වූ ලක්ෂණ වලින් යුක්ත වේ. තදාෂි සුසුකි (Tadashi Suzuki) යනු ජපන් නාට්‍ය කලාව පිළිබඳ ව සඳහන් කිරීමේ දී මඟහැර යා නොහැකි පෞරුෂයකි. ඔහු Suzuki Company of Toga (SCOT) ආයතනයේ පුරෝගාමියා මෙන්ම Mitsui Festival, Acting Company Mito Theatre හි ප්‍රධාන අධ්යක්ෂවරයා වේ. එසේම Japan Performing Arts Centre හි සභාපති වන ඔහු විසින් නළුවන් පුහුණු කිරීම සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දුන් අතර එය Suzuki Method ලෙස නම් කර තිබේ. පසුව එම නළු පුහුණු ක්‍රමවේදය ආසියාවේ පමණක් නොව ලෝකය පුරා රූපණය හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල හා රංගකලා පාසල් තුළ භාවිතා කරමින් සිටියි. Figure 2:... Read more
කාලගෝලගේ දේහමය දේශපාලනය තේරුම් ගැනීම. " නාට්‍ය අවසානයේ ඔහුගේ ඉරණම බාර ගන්නා ඔහු, එතැනින් නොනැවතී අප වෙත උපහාසාත්මක සිනහවක් පළ කිරීම සිත්ගන්නා සුළු අවසානයක් නාට්‍යයට ලබා දෙයි. එසේ සිනාවක් එක් කිරීමෙන් රචකයා පෙන්වීමට උත්සහ කළේ මෙම පීඩන කොන්දේසි උපහාසයට ලක් කිරීම විනා ඒවා බැහැර කිරීමට ඇති නොහැකියාව දැයි සිතේ". ජනප්‍රිය බෞද්ධ කතාවක් පදනම් කරමින් රචනා කරන ලද කාලගෝල නාඩගම 1930 දශකයේ නිර්මාණය වූවක් ලෙස අනුමාන කළ හැක.ිකලකට පෙර චාල්ස් ගුණසිංහ ගුරුන්නාන්සේ විසින් රචනා කොට නිශ්පාදනය කරන ලද දික්තල කාලගෝල නාඩගම පුණ්‍යසේන ගුණසිංහ මහතා විසින් සංශෝධනය කොට නිශ්පාදනය කර ඇත. ප්‍රහසන ගනයේ නාට්‍යයක් සේ ගැනිය යුතු කාලගෝල, උම්මග්ග ජාතකයේ එන කතාවක් ඇසුරෙන් රචනා කරන ලද්දකි. සිංහල ජනතාවට ඉතා හුරුපුරුදු මේ කතාව හාස්‍යයෝත්පාදක අයුරෙන් නාට්‍යයකට නඟා ඇත’. දික්තල කාලගෝල නාට්‍ය නැරඹූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර දිවයිනට ප්‍රකාශ කර තිබුණේ එවන් අදහසකි. කාලගෝල නාට්‍ය රචනයට සහභාගි වූ ජාතකකතා කතුවරයා, චාල්ස් ගුණසිංහ ගුරුන්නාන්සේ, පුන්‍යසේන ගුණසිංහ යන තෙවැදෑරුම් පුද්ගලයන්ගේ නිර්මාණාත්මක මැදිහත්වීම් විවිධ සමාජ සංදර්භ හරහා සිදු වුවද ඔවු... Read more
පොදු මානව විමුක්තිය තුළ ස්ත්‍රිය නියෝජනය නොවන්නේ ඇයි? හෙන්රි ජයසේනගේ “කුවේණි” ඇසුරින් "කුවේණිය මා දකින්නේ මෙලොව සදාතනික ගැහැණිය ලෙසයි" “ ලග්ගල පුරුෂයෝ ඔවුන්ගේ ගැහැනුන්ට සහජ දුර්වලතා කිහිපයක් ඇතැයි සිතති. මෝහනය - ගැහැනු පහසුවෙන් ලිංගිකව පෙළඹෙන , එමඟින් පුරුෂයන් කාමාශාවෙන් අනාචාරයට බඳවා පවුලේ සමෝදානයට එල්ලවන තර්ජනයකි. අවිශ්වාසය - කිසියම් ගැහැනියක් බිරිඳ වේවා , මව වේවා විශ්වාස කළ නොහැකිය. ගැහැනු ජරා මෙන්ම අපවිත්‍ර ද වෙති.” මෙම අදහස ගණනාථ ඔබේසේකර විසින් ඔහුගේ ග්‍රන්ථයක සටහන් කරන ලද්දකි. අංක තුනක මන:කල්පිතයක් ලෙස හෙන්රි ජයසේන විසින් “කුවේණි” නාට්‍ය 1962 දී රචනා කරන ලදී. මෙම නාට්‍යයෙන් නිරූපණය වන්නේ කුවේණිය ගැන ප්‍රථම වරට ලියැවුණු මහාවංශයට ඉඳුරා ම වෙනස් වූ කුවේණියකි. ඔහු සිදු කර ඇත්තේ ඉතිහාස කතාවක් නටා පෙන්වීම වැනි සුලබ ගනයේ කාර්යයක් නොවේ. මහාවංශයට අනුව කුවේණිය යක්ෂනියකි. මන්ත්‍ර මායාවන්හි නිපුන වූ මායාකාරියකි. එසේ ම බුදුන්වහන්සේ සක්දෙව් රජු අමතා කුවේණියගෙන් විජයට ආරක්ෂාව සැපයීමට උපදෙස් දුන් බව ද මහාවංශයේ කියැවේ. හෙන්රි ජයසේන කුවේණියට නව අර්ථකතනයක් සපයමින් සිදුකර ඇත්තේ රැඩිකල් ක්‍රියාවක් වුවද ඒ තුළින් පුරුෂයාට මෙන්ම ස්ත්‍රිය සතු වියහැකිභාවය ප්‍රකා... Read more