About
මාගේ අධ්‍යයන ක්ෂේත්‍ර වන නාට්‍ය කලාව හා අනෙකුත් සමකාලීන කලාවන් පිළිබඳව මෙන්ම සංස්කෘතිය, දේශපාලනය, කාලීන සිදුවීම් ආදිය මූලික කරගත් රචනා හා අදහස් ඔබ සමඟ බෙදාගැනීම මෙන්ම, සමාජ බලපෑමක් උදෙසා කතිකාවක් ඇති කිරීම, මෙම බ්ලොග් අඩවියේ මූලික අරමුණ යි. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශේෂවේදී උපාධිය හැදෑරූ මම, වේදිකා නාට්‍ය රූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරමින් සිටින අතර, දැනට කැළණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා අධ්‍යනාංශයේ නාට්‍ය කලාව පිළිබඳ තාවකාලික කථිකාචාර්යවරියක් ලෙස සේවය කරමි. මා රූපණය මූලික අත්දැකීම්/ අත්හදාබැලීම් මගින් පර්යේෂණ සිදුකරන අතර, සමාජ සාධාරණත්වය හා සහජීවනය, ස්තී‍්‍රපුරුෂ සමාජභාවය පදනම් වූ, ප්‍රායෝගික හා නිර්මාණාත්මක ක්‍රියාකාරකම් හි ද නිරත වෙමි.
චාමනී දර්ශිකා

