හතේ අපේ පොත
Image source: nationalheraldindia.com "ලිංගිකත්වය අවබෝධ කරගැනීමට ඉගැන්විය යුතුය" මාගේ රංගකලා මැදිහත්වීම තුළින් මේ දිනවල ආන්දෝලාත්මක මත පලකෙරෙන "හතේ අපේ පොත" සම්බන්ධයෙන් අදහසක් තැබීමට සිතුවෙමි. නලින් ද ප්‍රේ මරත්න ප්‍ර මුඛ Act 4 නාට්‍ය කණ්ඩායම සමග සංවාද මණ්ඩප වේදිකා මොඩලය (forum theatre) හරහා ලංකාවේ විශ්වවිද්‍යාල විද්‍යා ර්ථීන් අරඹයා නාට්‍ය දර්ශන ගනණාවක් සදහා සහභාගි වීමට මා හට අවස්ථාවක් ලැබුණි. ඒ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මූලිකත්වයෙනි. ඔ වුන් ගේ මැදිහත්වීමෙන් ලිංගික අධ්‍යා පනය සදහා ගුරුවරුන් පුහුණු කිරීමට ද අත්පොතක් සකස් කිරීම මීට පෙර සිදුවී තිබිණි. මෙම රංගකලා මැදිහත්වීම සිදු වූයේ "සෑම ගැබ්ගැනීමක් ම අවශ්‍යය වේ" යන තේමාවෙනි. ඇසූ පමණින් ම ආන්දෝලාත්මක වූවත් මෙහි අරමුණ වූයේ අනවශ්‍ය ගැබ් ගැනීම් මුල් අවස්ථාවේදී ම මැඩ පවත්වා ගැනීමයි. මන්ද ලංකාවේ ගැබ්ගැනීම් අතරින් සියයට 4.6 ක්ම නව යොවුන් වියේ සිදු වූ ඒවාවේ. මෙහිදී වාර්ථා වී ඇති ලිංගික අපරාධ වලින් වයස අවුරුදු 16ට අඩු දැරියන් 6000ක් වූ බවත් (2010-2015) එසේම 2015 වාර්ථා වූ HIV රෝගීන්ගෙන් 75ක්ම වයස ...