Posts

Showing posts with the label Feminism

බයිලා ගහන දවසක්

Image
  "උඹලා දෙන්නම මේකට විරුද්ධ රට ජාතිය ආගම ගැන තියෙන කැක්කුමකට  නෙවෙයි.  චීවරයක් ඇඳගත්ත ගෑනියෙක් මේක කරන එක ගැන කැක්කුමකට". ඡායාරූපය 01                    බයිලා ගහන දවසක්  වේදිකාගත වන්නේ කිනම් පසුබිමක දැයි ප්‍රථමයෙන්ම විමසා බලමු. රෙකෝඩින්ග් ස්ටූඩියෝ එකක ලොබි එකක් පසුතලයක් කරගෙන තිබෙන ආකාරය දිස්වේ. වේදිකාව සම්පූර්ණයෙන් ආලෝකමත් වී නැත. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත ත්‍රිත්වයක් දැකිය හැක. ප්‍රථමයෙන්ම අප ඉදිරිපිට පෙනී සිටින චරිතය වන්නේ ධම්මික ඇන්ටනී ය. ඔහු කලිසමක් හා අත් දිග කමිසයකින් සැරසුණු වයස අවුරුදු 48ක් පමණ වන අයෙකි. ධම්මික ඇන්ටනී කිසියම් තාලයකට බයිලා ගායනයක් ලියමින් පුහුණු වෙමින් සිටියි. පසුව එම ස්ථානයට එම ආයතනයේ අයිතිකරු පැමිණේ. මෙවන් පසුබිමක නාට්‍ය ආරම්භ වන අතර පසුව වේදිකාවට මෙහෙණිකෙනෙකුගේ  චරිතය ප්‍රවේශ වේ. මෙම චරිත ත්‍රිත්වය හරහා දිග හැරෙන්නේ දෛනික යථාර්ථය වුවත්, වේදිකාවට නාට්‍ය නිෂ්පාදනයක් ලෙස එය ගෙන එද්දී නරඹන ප්‍රේක්ෂාගාරයට යම් අපහසුතාවයක් දැනෙන්නට පුළුවන. ඒ බෞද්ධ භික්ෂුනියෙකුගේ චරිතයක් වේදිකාවට ගෙන්වා ග...

සමානාත්මතාවය වෙනුවෙන්...

Image
ජයදේව උයන්ගොඩ (Image source: groundviwes.org) 'සමාජයේ අපි ⁣⁣ඔක්කොම සමානයි?' පුරවැසිභාවය යනු මනුෂ්‍යයින්ට තමන් සාමාජිකත්වය දරණ දේශපාලන සමාජ⁣යෙන්, එනම් රාජ්‍යයෙන් , තමන් වෙත සමානත්වය, අයිතිවාසිකම් සහ යුක්තිය යන අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ අයිතිය (the right to demand rights) ලබාදෙන්න්කි. ඒ අනුව පුරවැසිභාවය යනු මනුෂ් ‍ යයින්ට අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ සහ ලැබීමේ අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියයි. වර්තමානයේ පුරවැසිභාවය පිලිබඳ න්‍යාය අර්බුදයකට මුහුණ පා සිටින බව සහ එම අර්බුදය ඉදිරියේ එම න්‍යාය යලි සකස් කිරීමට පාත්‍ර වී තිබේ. මෙහි පසුබිමේ දේශපාලන ප්‍ර වනතා තුනක් තිබෙන බව අපට හදුනා ගත හැකිය. එහි පළමු වැන්න නම්, සමාජයේ ඇති වාර්ගික සහ සංස්කෘතික අනන්‍යතා , ශාරීරික මානසික හැකියාව, ලිංගිකමය යොමුව ආදී වශයෙන් මනුෂ්‍ය ප්‍රජාව අතර ඇති විවිධත්වය (diversity) සහ වෙනස්කම් (differences) සමග පුරවැසිකමින් අපේක්ෂා කරන 'සමානාත්මාවය' පිලිබඳ නිෂ්ඨාව සමහන් කිරීමට සිදුවීමයි. සමානාත්මතාවය පිලිබඳ සාම්ප්‍ර දායික දේශපාලන න්‍යායික තේරුම් ගැ නීම ගොඩනගා තිබුනේ 'සියලු ම මනුෂ්‍ය යින් එක සමාන...

ඔබ කවුද?

Image
Feminism in Italian Contemporary art, at the Richard Saltoun gallery in London, UK. “ලග්ගල පුරුෂයෝ ඔවුන්ගේ ගැහැනුන්ට සහජ දුර්වලතා කිහිපයක් ඇතැයි සිතති. මෝහනය - ගැහැනු පහසුවෙන් ලිංගිකව පෙඹෙන, එමඟින් පුරුෂයන් කාමාශාවෙන් අනාචාරයට බඳවා පවුලේ සමෝදානයට එල්ලවන තර්ජනයකි. අවිශ්වාසය - කිසියම් ගැහැනියක් බිරිඳ වේවා, මව වේවා විශ්වාස කළ නොහැකිය. ගැහැනු ජරා මෙන්ම අපවිත්‍ර ද වෙති. ” - ගණනාථ ඔබේසේකර ලාංකිකයන් තවමත් ගැහැනිය යන්න අර්තකතනය කරන්නේ මෙකී සංදර්භය තුළින් ද? පසුගියදා ඇමති සනත් නිශාන්ත සහ ගම්පහ දිසා වනජීවී නිලධාරිනී දේවානී ජයතිලක අතර සිදු වූ සංවාදය හේතුවෙන් ලංකික දේශපාලනය සම්බන්ධයෙන් විශාල කතා බහක් ඇති විය.  ඒ බොහෝමයක් දෙනා මෙකී සිදුවීම අර්තකතනය කළ ආකාරය තුළින් නිරාවරණය වූයේ රාජ්‍ය බලය හිමි බලවතුන් විවේචනයට එහා ගිය කාන්තාවගේ අනන්‍යතාව ප්‍රශ්න කිරීමක් ලෙසයි. එනම් සමාජ මාධ්‍ය රැසක මෙකී සිදුවීම ප්‍රචාරය වූයේ සහ අගය කරනු ලැබූයේ මෙය පහළ රාජ්‍ය නිලධාරියෙකු විසින් ඉහළ නිලධාරියෙකුට සිදුකළ අභියෝගයක් හෝ මනුෂ්‍යයෙක් මනුෂ්‍යයෙක් වෙත කරන ලද අභියෝගයකට වඩා කාන්තාවක්...

සමාජීයත්වය යනු බැහැර කිරීමට එරෙහිව කරන අරගලය යි

Image
"මේ යථාර්ථය තේරුම් ගත් විට අප රටේ හිරු උදාකර දීමට අහස සූදානම් වනු ඇත". සිංහලයෙක් යනු කුමක්ද? තීර්ත රෙඩ් ඩොට් කලාගාරයේ  කදිර් ස්මයිලි සමඟ පැවති සාකච්ඡාවක් තුළින් ශ‍්‍රී ලංකාව සිංහල ජාතිය මුල්කරත් රාජ්‍යක් ලෙස ගොඩනැගී පැවතීමේ ප‍්‍රාථමික කොන්දේසිය වන්නේ ම මෙරට සුළුතර ජාතීන්ගේ පැවැත්ම බව නැවතත් අවධාරණය කෙරුණි. ඉතාම සංකීර්ණ මෙම සහසම්බන්ධය ඔහු පැහැදිලි කරන්නේ ගැහැනියක් යනු කුමක්ද? යන ප‍්‍රශ්නය උදාහරණ ලෙස දක්වමිනි. ස්ත‍්‍රී විමුක්තිකාමීන් ඉල්ලා සිටින විමුක්තිය උදාකරලීමට ද අකමැත්තෙන් වුව පුර්ෂ මූලිකත්වය හැමවිටම ඒ වනවිටත් පිළිිගෙන සිටිය යුතු බව ඔහු පවසයි. ජෝන් ලොක් පවා ලිංගභේදය හඳුන්වන්නේ පිරිමියා සහ බිරිඳ ලෙසයි. එනම් පිරිමියාට සාපේක්ශව ගැහැණිය අර්ථකථනය කිරීමයි. එසේනම් වෙනස පිලිගැනීම තුළින් ඒකීයත්වයක් ගොඩනැගීමේ මෙම වියවුලට මුහුණදීමට අප සවිඥානිකව කටයුතු කළයුතු නොවේ ද? මන්ද මේ පිලිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කරන්නා හා එසේ නොමැති වූ ජාතිවාදියා හෝ පුරුෂෝත්තමවාදියා යනු ප‍්‍රායෝගික තලයේදී පැහැදිලිව හඳුනාගත හැකි පාර්ශව දෙකකි. අප මෙලෙස අනෙකාට සාපේක්ශ ව තම පැවැත්ම තහවුරු කරගෙන ඇති  බව ල...

පොදු මානව විමුක්තිය තුළ ස්ත්‍රිය නියෝජනය නොවන්නේ ඇයි? හෙන්රි ජයසේනගේ “කුවේණි” ඇසුරින්

Image
"කුවේණිය මා දකින්නේ මෙලොව සදාතනික ගැහැණිය ලෙසයි"   “ ලග්ගල පුරුෂයෝ ඔවුන්ගේ ගැහැනුන්ට සහජ දුර්වලතා කිහිපයක් ඇතැයි සිතති. මෝහනය - ගැහැනු පහසුවෙන් ලිංගිකව පෙළඹෙන , එමඟින් පුරුෂයන් කාමාශාවෙන් අනාචාරයට බඳවා පවුලේ සමෝදානයට එල්ලවන තර්ජනයකි. අවිශ්වාසය - කිසියම් ගැහැනියක් බිරිඳ වේවා , මව වේවා විශ්වාස කළ නොහැකිය. ගැහැනු ජරා මෙන්ම අපවිත්‍ර ද වෙති.” මෙම අදහස ගණනාථ ඔබේසේකර විසින් ඔහුගේ ග්‍රන්ථයක සටහන් කරන ලද්දකි. අංක තුනක මන:කල්පිතයක් ලෙස හෙන්රි ජයසේන විසින් “කුවේණි” නාට්‍ය  1962 දී රචනා කරන ලදී. මෙම නාට්‍යයෙන් නිරූපණය වන්නේ කුවේණිය ගැන ප්‍රථම වරට ලියැවුණු මහාවංශයට ඉඳුරා ම වෙනස් වූ කුවේණියකි. ඔහු සිදු කර ඇත්තේ ඉතිහාස කතාවක් නටා පෙන්වීම වැනි සුලබ ගනයේ කාර්යයක් නොවේ. මහාවංශයට අනුව කුවේණිය යක්ෂනියකි. මන්ත්‍ර මායාවන්හි නිපුන වූ මායාකාරියකි. එසේ ම බුදුන්වහන්සේ සක්දෙව් රජු අමතා කුවේණියගෙන් විජයට ආරක්ෂාව සැපයීමට උපදෙස් දුන් බව ද මහාවංශයේ කියැවේ. හෙන්රි ජයසේන කුවේණියට නව අර්ථකතනයක් සපයමින් සිදුකර ඇත්තේ රැඩිකල් ක්‍රියාවක් වුවද ඒ තුළින් පුරුෂයාට මෙන්ම ස්ත්‍රිය සතු වියහැකිභාවය ප්‍රකා...