සමානාත්මතාවය වෙනුවෙන්...
![]() |
| ජයදේව උයන්ගොඩ (Image source: groundviwes.org) |
'සමාජයේ අපි ඔක්කොම සමානයි?'
පුරවැසිභාවය යනු මනුෂ්‍යයින්ට තමන් සාමාජිකත්වය දරණ දේශපාලන සමාජයෙන්, එනම් රාජ්‍යයෙන්, තමන් වෙත සමානත්වය, අයිතිවාසිකම් සහ යුක්තිය යන අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ අයිතිය (the right to demand rights) ලබාදෙන්න්කි. ඒ අනුව පුරවැසිභාවය යනු මනුෂ්යයින්ට අයිතිවාසිකම් ඉල්ලා සිටීමේ සහ ලැබීමේ අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසියයි.
වර්තමානයේ පුරවැසිභාවය පිලිබඳ න්‍යාය අර්බුදයකට මුහුණ පා සිටින බව සහ එම අර්බුදය ඉදිරියේ එම න්‍යාය යලි සකස් කිරීමට පාත්‍ර වී තිබේ. මෙහි පසුබිමේ දේශපාලන ප්‍රවනතා තුනක් තිබෙන බව අපට හදුනා ගත හැකිය. එහි පළමු වැන්න නම්, සමාජයේ ඇති වාර්ගික සහ සංස්කෘතික අනන්‍යතා, ශාරීරික මානසික හැකියාව, ලිංගිකමය යොමුව ආදී වශයෙන් මනුෂ්‍ය ප්‍රජාව අතර ඇති විවිධත්වය (diversity) සහ වෙනස්කම් (differences) සමග පුරවැසිකමින් අපේක්ෂා කරන 'සමානාත්මාවය' පිලිබඳ නිෂ්ඨාව සමහන් කිරීමට සිදුවීමයි.
සමානාත්මතාවය පිලිබඳ සාම්ප්‍රදායික දේශපාලන න්‍යායික තේරුම් ගැනීම ගොඩනගා තිබුනේ 'සියලු ම මනුෂ්‍යයින් එක සමානය; සමාන අයිතිවාසිකම් සදහා ඔවුන්ට එක සමාන අයිතිවාසිකමක් තිබේ' යන උපකල්පනය මතය. එහෙත් දේශපාලන පිලිබඳ බහු සංස්කෘතිකවාදී, ප්‍රජාමූලවාදී සහ ස්ත්‍රීවාදී න්‍යායික ප්‍රවේශ වලින් මේ උපකල්පනය තදින්ම ප්‍රශ්න කෙරිණ. අසමානත්වය හා සමානාත්වය පිලිබඳ ගැටලුව, බහුත්වවාදී ලෙස යලි න්‍යාය ගත කිරීම නිසා යලි සිදු වූයේ, 'පුරවැසිභාවය' යන සංකල්පය ද රැඩිකල් බහුත්වවාදී ලෙස යලි ගොඩනැගීමයි.
'සමාජයේ අපි ඔක්කොම සමානයි?' (පුරවැසියා හා පුරවැසිභාවය පිලිබඳ ගැටලුව) - ජයදේව උයන්ගොඩ-
එහිදී පුරවැසියන් ලෙස විකල්ප අවකාශයේ දී හෝ වේවා වාර්ගික සහ සංස්කෘතික අනන්‍යතා වෙනුවෙන් හෝ ප්‍රජා මූලිකවාදී න්‍යායික ප්‍රවේශ වලින්, ස්ත්‍රීවාදී න්‍යායික ප්‍රවේශය මග හරිමින්, මර්දනය කිරීම කළ නොහැක්කේ ඒවා වටිනා කම්, අවශ්‍යතාවයන් අනුව එකිනෙකින් දෙවෙනි නොවන හා පුරවැසියා යනු ම දේශපාලන පාත්‍රයෙක් (Political Actor) වීම නිසාය. කොටින්ම ස්ත්‍රියගේ සමාජභාචය, ලිංගිකමය යොමුව පිලිබඳ ගැටලු හිතාමතාම මර්දනය කොට කවර හෝ කෙනෙකු විසින් වාර්ගික සහ සංස්කෘතික අනන්‍යතා වෙනුවෙන් පෙනී සිටී නම් ඒ සදහා දිය හැකි ප්‍රස්ථා පිරුලක් තම තමන් විසින්ම සිහිකරගනු මනා ය.
Image source: povertyportal.lk
චාමනී දර්ශිකා


Comments
Post a Comment