හතේ අපේ පොත

Image Source: shutterstock
Image source: nationalheraldindia.com
"ලිංගිකත්වය අවබෝධ කරගැනීමට ඉගැන්විය යුතුය"
මාගේ රංගකලා මැදිහත්වීම තුළින් මේ දිනවල ආන්දෝලාත්මක මත පලකෙරෙන "හතේ අපේ පොත" සම්බන්ධයෙන් අදහසක් තැබීමට සිතුවෙමි. නලින් ද ප්‍රේමරත්න ප්‍රමුඛ Act 4 නාට්‍ය කණ්ඩායම සමග සංවාද මණ්ඩප වේදිකා මොඩලය (forum theatre) හරහා ලංකාවේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් අරඹයා නාට්‍ය දර්ශන ගනණාවක් සදහා සහභාගි වීමට මා හට අවස්ථාවක් ලැබුණි. ඒ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ මූලිකත්වයෙනි. ඔවුන් ගේ මැදිහත්වීමෙන් ලිංගික අධ්‍යාපනය සදහා ගුරුවරුන් පුහුණු කිරීමට ද අත්පොතක් සකස් කිරීම මීට පෙර සිදුවී තිබිණි.
මෙම රංගකලා මැදිහත්වීම සිදු වූයේ "සෑම ගැබ්ගැනීමක් ම අවශ්‍යය වේ" යන තේමාවෙනි. ඇසූ පමණින් ම ආන්දෝලාත්මක වූවත් මෙහි අරමුණ වූයේ අනවශ්‍ය ගැබ් ගැනීම් මුල් අවස්ථාවේදී ම මැඩ පවත්වා ගැනීමයි. මන්ද ලංකාවේ ගැබ්ගැනීම් අතරින් සියයට 4.6 ක්ම නව යොවුන් වියේ සිදු වූ ඒවාවේ. මෙහිදී වාර්ථා වී ඇති ලිංගික අපරාධ වලින් වයස අවුරුදු 16ට අඩු දැරියන් 6000ක් වූ බවත් (2010-2015) එසේම 2015 වාර්ථා වූ HIV රෝගීන්ගෙන් 75ක්ම වයස අවුරුදු 15ට අඩු වූවන් වේ. ඔවුන් හිංසනයට පත්වීමේ මූලික හේතුව ද විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැති වීමයි.
නාට්‍ය ආරම්භයට පෙර එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සංවිධායෙන් මූලික ලිංගික අධ්‍යපනයට අදාළ ව විශ්ව විද්‍යාල සිසුන් දැනුවත් කිරීම සිදුවිය. අනතුරුව අවස්ථාව හිමිවූයේ නළු නිලියන්ටයි. එනම් අපටයි. මෙම සංවාද මණ්ඩප නාට්‍යයේ පිටපත රචනයේදී කාන්තා චරිතය protagonist හෙවත් කේදාන්ත වීරයා බවට පත් විය, මෙය චාපා නම් නවක සිසුවිය හා සමීර නම් ජේෂ්ඨ සිසුවා අතර විශ්වවිද්‍යාලය තුළ ඇති වූ ආදර කතාවකි. මෙය විශ්වවිද්‍යාලය තුළ පවතින නවක වදය මූලික කරගන ගොඩනැගුනු ප්‍රේම කතාවක් නිසා නවකවදය පිලිබඳ සාකච්ඡාවක් ගොඩනගා ගැනීමටද මේ ඔස්සේ හැකි විය. කෙසේවෙතත් පිටපතට අනුව නාට්‍ය කේදාන්තයක් කරා ගමන් කරන්නේ සමීර නම් චරිතයේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය නිසාය. අපි නාට්‍ය රග දැක්වුවෙමු, අනතුරු ව නැවත නාට්‍ය වේදිකා ගත වෙමින් කේදය කරා යන ගමන වැලැක්වීමට එනම් චාපා විශ්වවිද්‍යාලය තුළදී ගැබ් ගැනීමත්, තම පෙම්වතා වූ ජේෂ්ඨ සිසුවා එය සැලකිල්ලට නොගැනීමත්, නේවාසිකාගාර පාලිකාව විසින් නිවසට දැනුන් දුන් පසුව තම සොයුරා හදිසි ආවේගය චාපාගේ මරණයට හේතු වීම, වලක්වා ගැනීමට යෝජනා ප්‍රේක්ෂකයන්ගෙන් විමසීම සිදුවිය. (without violence, without Magic and without replacing the powerful characters )
නාට්‍ය දර්ශන ගනණාවක් සිදුකළ අපට සියලු දෙනාගේ අදහස් තුළින් නිගමනය කිරීමට වූයේ ලාංකිකයන්ට ලිංගික අධ්‍යාපනයක් නොලැබීමේ පිලිබඳ විරෝධයයි. (ඔසප් වී සිටියදී පවා ගැබ් ගැනීම සිදුවිය හැකි බව හා කන්‍යා පටලයේ පුදුම එලවනසුලු පිහිටීම් ගණනාවක් පිලිබඳ ව ප්‍රථම වරට බොහෝ දෙනාට හට ඇසීමට, දැකීමට හැකි වන්නේ ඒ හරහායි.) බොහෝ දෙනාගේ අදහස වූයේ "අපේ ඉස්කෝලේ ටීචර් ඒ පාඩම මග ඇරලා ඊලග එකට ගියා" නැතිනම් විධිමත් ලිංගික අධ්‍යාපනයක් පාසල තුළ නොලැබුණු බවයි. එසේම වඩාත් ඛේදනීය තත්වය නම් විශ්ව විද්‍යාලය තුළ දී පවා මේ ආශ්‍රිත ගැටලු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සක්‍රීයව නොපැවති බවයි. මෙහිදී ඇතමෙක්ට මෙසේ සිතෙන්නට පිලිවන, "අනිත් හැම දෙයක්ම හොයාදැන ගන්නවා නම් ඇයි අන්තර්ජාලයෙන් ඔය ගැනත් විස්තර හොයා ගන්න බැරි" නැතිනම් "යාලුවෝ එක්ක කතා කලාම ලැබෙන දැනුමට ගහන්න පොත් වලට බෑ. ඒක හරි විනෝදකාමී" මෙහිදී විනෝදකාමී වුවත් ඒවා කෙතරම් ප්‍රායෝගික වන්නේද (විවහක යුවලක් උපත් පාලනය සදහා උපදෙස් ලබාගැනීමට ගිය පසු, නිදර්ශනයක් ලෙස වෛද්‍යවරයා කොසු මිට භාවිතයෙන් කොන්ඩම් භාවිතය පෙන්වූ පසු, නිවසට ගොස් අඹුසැමියන් ලෙස හැසිරීමට පෙර උපත් පාලක කොපුව කොසු මිටට දැමූ සිද්ධීන් පිලිබඳ ව අත්දැකීම් පවතිද්දී)
මෙකී රූපණ මැදිහත්වීමෙන් අවශ්‍යතාවය නම්, අභයතිස්ස හිමි විරුද්ධ වී සියලුම විදුහල්පතිවරුන්ට ලිපි යවා තිබුණ ද, ලිංගික අධ්‍යාපනයේ අවශ්‍යතාවය අප ඉදිරියේ ප්‍රකාශමාන වන්නක් බවයි. එසේම ආගමික මැදිහත්වීම මෙවැන්නක් කෙරෙහි එල්ලවීම ංකාවේ පමණක් දැකිය හැක්කක් නොවේ. වෙනත් රටවලද දැකිය හැක.
නමුත් නෙදර්ලන්තය වැනි රටවල ලිංගික අධ්‍යාපනය සදහා පුහුණු කළ ගුරුවරුන් නිසා පිලිගන් විද්‍යාත්මක ඉගැන්වීම් ක්‍රමවේද භාවිතය නිසා දරුවන් ගැබ් ගැනීම අඩුම රටක් බවට පත්වී තිබේ. අප නාට්‍ය තුළින් ද අපේක්ෂාව කරනු ලැබුවේ මෙවැනි මැදිහත්වීම කි. ප්‍රජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍රනාන්දු, වෛද්‍ය එස්. වී. ඒ. ගාමිණී, වෛද්‍ය ජීවරංග යන අයගේ මැදිහත්වීම අගය කරන්නේ එබැවිනි. එක්තරා අර්ථයකින් මෙය අප දිනාගත් ජයග්‍රහණය කි. ලිංගික අධ්‍යාපනයෙන් ඉගැන්විය යුතු ක්ෂේත්‍ර 07ක් යුනිසෙෆ්ට් ආයතනය හදුන්වා දී තිබේ.
1- තමාගේ හා ප්‍රතිවිරුද්ධ ලිංගිකත්වයන් අධ්‍යනය.
2- ලිංගික වටිනාකම්, ලිංගික සංස්කෘතිකය හා ලිංගික අයිතිවාසිකම් අවබෝධ කරගැනීම.
3-ලිංගිකත්වය අවබෝධ කරගැනීමට ඉගැන්විය යුතුය.
4-ලිංගික හිංසනය හා ආරක්ෂිතව සිටීම.
5-ලිංගික සෞඛ්‍ය හා යහපැවැත්ම ට අදාල වර්ධනය කරගත යුතු වටිනාකම්.
6-මනුෂ්‍ය ශරීරය හා එහි වැඩීම.
7-ලිංගිකත්වය හා ලිංගික හැසිරීම්.
යනාදිය යි. අවසාන වශයෙන් මෙහි එන තුන්වන කරුණ
"ලිංගිකත්වය අවබෝධ කරගැනීමට ඉගැන්විය යුතුය"
චාමනී දර්ශිකා

Comments

Popular posts from this blog

කාලගෝලගේ දේහමය දේශපාලනය තේරුම් ගැනීම.

බයිලා ගහන දවසක්

“Difficulty” is a cultural script - ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම