01 කොටස - සමකාලීන වේදිකාවේ නිළිය/ නළුවාගේ කාර්යය කුමක්ද?
[01 කොටස] සමකාලීන වේ දිකාවේ නිළිය/ නළුවාගේ කාර්යය කුමක්ද ? ලූ ල් එප්නර් ( Luule Epner) නිළියන්/නළුවන් වේදිකාව තුළ කුමක් කරනවාද යන පැනය අප ඇසුවහොත් පැහැදිලි ලෙසම එයට පිළිතුර වන්නේ ඔවුන් රඟදක්වනවා යන්නයි (They are acting). නමුත් සමකාලීන අර්ථයෙන් අප එයට පිළිතුරක් ලබා දෙන්නේනම් අප පැවසිය යුත්තේ ඔවුන් යමක් ඉදිරිපත් කරනවා හෝ නිරූපණය කරනවා (They are performing) යනුවෙනි. මන්ද රූපණය පිළිබඳ සංකල්පය මගින් පමණක් වේදිකාවට මත සිදුවන සියලු කාර්යයන් ආවරණය නොකරන බවට පොදු මතයක් පවතින බැවිනි. ඒ හා සමානව, ‘ඉදිරිපත් කරන්නා’ (Performer) යන සංකල්පය ශාස්ත්‍රීය හා ජනප්‍රිය කතිකාවන්හි පැරණි හුරුපුරුදු වචනය වන ‘නිළිය/ නළුවා’ වෙනුවට ආදේශ කිරීමට බැඳී සිටී. මෙම ලිපියේ පරමාර්ථය වන්නේ සමකාලීන (බොහෝ දුරට පශ්චාත් නාට්‍යමය- postdramatic) රංග කලාව තුළ භාවිතා වන විවිධ උපාය මාර්ග ආවරණය වන පරිදි, රූපණය පිළිබඳ සංකල්ප නම්‍යශීලීව සාකච්ඡාවට බඳුන් කිරීමයි. මෙම පර්යේෂණ පත්‍රිකාවේ පළමු කොටසේ දී, මා විසින් න්‍යායාත්මක රාමුවක් සහ රූපණ විධික්‍රම භාවිතා කිරීමෙන් රූපණය සම්බන්ධයෙන් නිර්මාණය වූ ගැටළු සාකච්ඡා කිරීමට බලාපො...