Posts

Showing posts from October, 2020

01 කොටස - සමකාලීන වේදිකාවේ නිළිය/ නළුවාගේ කාර්යය කුමක්ද?

Image
[01 කොටස] සමකාලීන වේ දිකාවේ නිළිය/ නළුවාගේ කාර්යය කුමක්ද ? ලූ ල් එප්නර් ( Luule Epner)  නිළියන්/නළුවන් වේදිකාව තුළ කුමක් කරනවාද යන පැනය අප ඇසුවහොත් පැහැදිලි ලෙසම එයට පිළිතුර වන්නේ ඔවුන්  රඟදක්වනවා යන්නයි (They are acting). නමුත් සමකාලීන අර්ථයෙන් අප එයට පිළිතුරක් ලබා දෙන්නේනම් අප පැවසිය යුත්තේ ඔවුන් යමක් ඉදිරිපත් කරනවා හෝ නිරූපණය කරනවා (They are performing) යනුවෙනි. මන්ද රූපණය පිළිබඳ සංකල්පය මගින් පමණක් වේදිකාවට මත සිදුවන සියලු කාර්යයන් ආවරණය නොකරන බවට පොදු මතයක් පවතින බැවිනි. ඒ හා සමානව, ‘ඉදිරිපත් කරන්නා’ (Performer) යන සංකල්පය ශාස්ත්‍රීය හා ජනප්‍රිය කතිකාවන්හි පැරණි හුරුපුරුදු වචනය වන ‘නිළිය/ නළුවා’ වෙනුවට ආදේශ කිරීමට බැඳී සිටී. මෙම ලිපියේ පරමාර්ථය වන්නේ සමකාලීන (බොහෝ දුරට පශ්චාත් නාට්‍යමය- postdramatic) රංග කලාව තුළ භාවිතා වන විවිධ උපාය මාර්ග ආවරණය වන පරිදි,  රූපණය පිළිබඳ සංකල්ප නම්‍යශීලීව සාකච්ඡාවට බඳුන් කිරීමයි. මෙම පර්යේෂණ පත්‍රිකාවේ පළමු කොටසේ දී, මා විසින් න්‍යායාත්මක රාමුවක් සහ රූපණ විධික්‍රම භාවිතා කිරීමෙන් රූපණය සම්බන්ධයෙන් නිර්මාණය වූ ගැටළු සාකච්ඡා කිරීමට බලාපො...

සොහොන් ගැබ හා සමරු පාඨය.....

Image
නිරුවතින් මා වළදමන්න. මිනී පෙට්ටියක් නොමැතිව, ඇඳුම් නොමැතිව හෝ ආවරණයක් නොමැතිව. යැදුම් හෝ චාරිත්‍ර අනවශ්‍යය... මා වල ගැඹුරෙහි තබන්න. සමුගැනීමේ ඉරියවුවක් ලෙස, මගේ මුහුණ ලෝකයට විරුද්ධ දිශාවට තබන්න...  මගේ සොහොනට සොහොන් ඵලකයක් ඉදි නොකරන්න. එසේම, මගේ නම කොතැනකවත් සටහන් නොකරන්න.... තමන්ගේ පොරොන්දු රැකීමට නොහැකි අය, සොහොන් ඵලක නොතබන්න..... එක් පොරොන්දුවක්වත් ඉටු නොවීය. නිශ්ශබ්දතාවය රකින්නට සොහොන් ඵලක අවශ්‍ය නැත, නිශ්ශබ්දතාවය රැකින….. ඵලක නැත. ඵලක මත නම් නැත.... නමක් නැත්නම් ගලක් අවශ්‍ය නොවේ ගලක් නොමැති නිසා ස්මාරකයක් නැත. ගලක් නැති, නමක් නැති තැනකට,  සොහොන් ඵලකයක් කුමට ද? "ඇවිලීම" නාට්‍ය පිටපතින්.....

කාලගෝලගේ දේහමය දේශපාලනය තේරුම් ගැනීම.

Image
    " නාට්‍ය අවසානයේ ඔහුගේ ඉරණම බාර ගන්නා ඔහු, එතැනින් නොනැවතී අප වෙත උපහාසාත්මක සිනහවක් පළ කිරීම සිත්ගන්නා සුළු අවසානයක් නාට්‍යයට ලබා දෙයි. එසේ සිනාවක් එක් කිරීමෙන් රචකයා පෙන්වීමට උත්සහ කළේ මෙම පීඩන කොන්දේසි උපහාසයට ලක් කිරීම විනා ඒවා බැහැර කිරීමට ඇති නොහැකියාව දැයි සිතේ".  ජනප්‍රිය බෞද්ධ කතාවක් පදනම් කරමින් රචනා කරන ලද කාලගෝල නාඩගම 1930 දශකයේ නිර්මාණය වූවක් ලෙස අනුමාන කළ හැක.ිකලකට පෙර චාල්ස් ගුණසිංහ ගුරුන්නාන්සේ විසින් රචනා කොට නිශ්පාදනය කරන ලද දික්තල කාලගෝල නාඩගම පුණ්‍යසේන ගුණසිංහ මහතා විසින් සංශෝධනය කොට නිශ්පාදනය කර ඇත. ප්‍රහසන ගනයේ නාට්‍යයක් සේ ගැනිය යුතු කාලගෝල, උම්මග්ග ජාතකයේ එන කතාවක් ඇසුරෙන් රචනා කරන ලද්දකි. සිංහල ජනතාවට ඉතා හුරුපුරුදු මේ කතාව හාස්‍යයෝත්පාදක අයුරෙන් නාට්‍යයකට නඟා ඇත’. දික්තල කාලගෝල නාට්‍ය නැරඹූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර දිවයිනට ප්‍රකාශ කර තිබුණේ එවන් අදහසකි. කාලගෝල නාට්‍ය රචනයට සහභාගි වූ ජාතකකතා කතුවරයා, චාල්ස් ගුණසිංහ ගුරුන්නාන්සේ, පුන්‍යසේන ගුණසිංහ යන තෙවැදෑරුම් පුද්ගලයන්ගේ නිර්මාණාත්මක මැදිහත්වීම්  විවිධ සමාජ සංදර්භ හරහා සිදු වුවද ඔවු...