Posts

Showing posts with the label Cinema

සියදිවි නසාගැනීම දාර්ශනික ප්‍රශ්නයක් ලෙස – The Seventh Continent

Image
Image: www.themoviedb.org අප පවතින්නේ ඇයි? ‘The Seventh Continent’, ඔස්ට්‍රියානු ජාතික ‘මයිකල් හනෙ‍කේ’ විසින් 1989 දී අධ්‍යක්ෂණය කරන ලද  ඔහුගේ ප්‍රථම චිත්‍රපටය යි. චිත්‍රපටයෙන් ගෙනඑන්නේ පවුලේ සියලු දෙනා සියදිවි නසාගන්නා මධ්‍යම පංතික පවුලක කතාන්දරයකි. යුරෝපීය පවුලක් අවසන් අවුරුදු කිහිපය ගතකරන ආකාරය මෙම සිනමා පටය තුළින් නිරූපිතයි. ගෘහ මුලිකයා වන ජෝර්ජ්, වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. බිරිඳ ඇනා, දෘෂ්ටි විශේෂඥවරි‍යෙකි. දියණිය ඊවා, පාසල් අධ්‍යාපනය ලබන දැරියකි. පළමුව අප චිත්‍රපටයේ කථා වින්‍යාසය වෙත අවධානය යොමු කරමු.