Posts

Showing posts with the label Art

බයිලා ගහන දවසක්

Image
  "උඹලා දෙන්නම මේකට විරුද්ධ රට ජාතිය ආගම ගැන තියෙන කැක්කුමකට  නෙවෙයි.  චීවරයක් ඇඳගත්ත ගෑනියෙක් මේක කරන එක ගැන කැක්කුමකට". ඡායාරූපය 01                    බයිලා ගහන දවසක්  වේදිකාගත වන්නේ කිනම් පසුබිමක දැයි ප්‍රථමයෙන්ම විමසා බලමු. රෙකෝඩින්ග් ස්ටූඩියෝ එකක ලොබි එකක් පසුතලයක් කරගෙන තිබෙන ආකාරය දිස්වේ. වේදිකාව සම්පූර්ණයෙන් ආලෝකමත් වී නැත. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත ත්‍රිත්වයක් දැකිය හැක. ප්‍රථමයෙන්ම අප ඉදිරිපිට පෙනී සිටින චරිතය වන්නේ ධම්මික ඇන්ටනී ය. ඔහු කලිසමක් හා අත් දිග කමිසයකින් සැරසුණු වයස අවුරුදු 48ක් පමණ වන අයෙකි. ධම්මික ඇන්ටනී කිසියම් තාලයකට බයිලා ගායනයක් ලියමින් පුහුණු වෙමින් සිටියි. පසුව එම ස්ථානයට එම ආයතනයේ අයිතිකරු පැමිණේ. මෙවන් පසුබිමක නාට්‍ය ආරම්භ වන අතර පසුව වේදිකාවට මෙහෙණිකෙනෙකුගේ  චරිතය ප්‍රවේශ වේ. මෙම චරිත ත්‍රිත්වය හරහා දිග හැරෙන්නේ දෛනික යථාර්ථය වුවත්, වේදිකාවට නාට්‍ය නිෂ්පාදනයක් ලෙස එය ගෙන එද්දී නරඹන ප්‍රේක්ෂාගාරයට යම් අපහසුතාවයක් දැනෙන්නට පුළුවන. ඒ බෞද්ධ භික්ෂුනියෙකුගේ චරිතයක් වේදිකාවට ගෙන්වා ග...

සොල්දාදුව නුඹ කවුද?

Image
Jagath Weerasinghe, Untitled, 2007. Acrylic on paper. Courtesy the artist ""සොල්දාදුවෝ ඉතා අවිනිශ්චිත යථාර්ථයක් වෙත ගමන් කරති. ඊට එරෙහිව හෝ එකඟව මට වචනයකුදු ප්‍රකාශ කළ නොහැකිය. ඇත්තටම මගේ ආදරය ප්‍රකාශ කිරීමට ඉඩක් නැත"      -සනත් කළුබදන - යුද්ධය සහ පුරවැසිභාවය(සොල්දාදුවාගේ) පිළිබඳ ඛේදජනක ප්‍රහේලිකාවකට වියට්නාමයේ සේවය කළ සෙබළුන්ගේ ව්‍යාපාරය විසින් අවධානය යොමු කෙරිණි. එනම් තරුණ පිරිමින් යුද්ධයට බඳවා ගත්තේත්, යුද සේවයට යවනු ලැබුවේත් ""යුද්ධය යනු පුරවැසියෙකුට තම මවුබිම වෙනුවෙන් කළ හැකි උපරිම පරිත්‍යාග කිරීමේ අවස්ථාව"" ලෙස වර්ණනා කරන කතිකාවක් තුළයි. එහෙත් යුද්ධයට ගොස් ශාරීරික හා මානසික තුවාල ලබා ආපසු පැමිණි සෙබළුන්ට රාජ්‍යයත්, මහජනයාත් සැලකුවේ තමන් වෙත එල්ල වන අනවශ්‍ය බරක් ලෙසයි.

ගෝලීය වසංගතය අභිමුවයේ කලාකරුවා

Image
View from inside an individual cell towards the tower at the centre එසේනම් මේ ආකාරයට පුද්ගල අනන්‍යතාවයන් තහවුරු කරමින් රාජ්‍ය විසින් ගෙන යනු ලබන ක්‍රියාකාරීත්වය(අවේක්ෂණය) තුළ ඉදිරිපෙළට යාමට නියමිත චූදිතයා වන කලාකරුවාට මුහුණපෑමට සිදුවන අභියෝගයේ තරම පසක් නොවේද? ජෙරමි බෙන්තම් විසින් නිර්මාණය කරන ලද panopticon නැමති ගොඩනැගීම සිරකරුවන් රැඳවීමේ අපේක්ෂාවෙන් ඉදිකරන ලද්දකි. මෙම කවාකාර ගොඩනැගිල්ලේ කේන්ද්‍රය කුළුණකින් සමන්විතයි. එහි වන නිලධාරියෙකු විසින් පරිධියෙහි කුටිවල සිටින සිරකරුවන් නිරීක්ෂණය කරයි. කුටි පුළුල් ජනෙල් වලින් සමන්විත වේ. මෙහිදී කුටි වෙතට එල්ල වන ආලෝකය තවදුරටත් නිරන්තර නිරීක්ෂකයෙකු මෙන් ක්‍රියාකරයි. එහිදී සෙවනැල්ල තුළින් පවා සිරකරුවන්ගේ ක්‍රියාකලාපය කුළුණ වෙත දෘශ්‍යමාන වේ. මෙය පුංචි නාට්‍යගාරයක් වැනිය. සෑම පුද්ගලයෙකුට ම තමාගේම කුටියක් හිමි වේ. එසේම සිරකරුවන්ට දෙපස ඇති බිත්ති දෙක හේතුවෙන් අනෙක් සිරකරුවන් සමග සම්බන්ධ වීම අහුරා ඇත. සිරකරුවන්ට කිසිවක් නොපෙනේ. එසේම ඔහු තොරතුරු වල වස්තුව බවට හා සන්නිවේදනයේ විෂයක් බවට පත්වේ. මෙසේ අවේක්ෂණයට(monitoring) භාජනය වීම අප අද ම...

‘සංචාරක කෝකිලාව’ – කියවීමක්

Image
Departure – (Max Beckmann) වෛෂයික හා සංස්කෘතිකමය වශයෙන් පුද්ගලයෙකු සිදුකරන නිර්මාණයක් සඳහා ආත්මීය කුසලතා ක්‍රියාත්මක වන හෙයින් ද ඕනෑ ම දාර්ශනික, සමාජ විද්‍යාත්මක, විද්‍යාත්මක හෝ කලාත්මක නව නිපැයුමක් දුර්ලභ ගනයේ අහම්බයකි. කලාකරුවාගේ ක්‍රියාකලාපය නිර්ණය කරනු ලබන්නේ සමාජ සංස්ථාවෝ අතර ගැටුම විසිනි. මෙකී තත්වය අවබෝධ කරගන්නා ප්‍රමාණය අනුව කලාකරුවා නිරායාසයෙන්ම විප්ලවයේ හවුල්කරුවා බවට පත්වන්නේ ය.

සමාජීයත්වය යනු බැහැර කිරීමට එරෙහිව කරන අරගලය යි

Image
"මේ යථාර්ථය තේරුම් ගත් විට අප රටේ හිරු උදාකර දීමට අහස සූදානම් වනු ඇත". සිංහලයෙක් යනු කුමක්ද? තීර්ත රෙඩ් ඩොට් කලාගාරයේ  කදිර් ස්මයිලි සමඟ පැවති සාකච්ඡාවක් තුළින් ශ‍්‍රී ලංකාව සිංහල ජාතිය මුල්කරත් රාජ්‍යක් ලෙස ගොඩනැගී පැවතීමේ ප‍්‍රාථමික කොන්දේසිය වන්නේ ම මෙරට සුළුතර ජාතීන්ගේ පැවැත්ම බව නැවතත් අවධාරණය කෙරුණි. ඉතාම සංකීර්ණ මෙම සහසම්බන්ධය ඔහු පැහැදිලි කරන්නේ ගැහැනියක් යනු කුමක්ද? යන ප‍්‍රශ්නය උදාහරණ ලෙස දක්වමිනි. ස්ත‍්‍රී විමුක්තිකාමීන් ඉල්ලා සිටින විමුක්තිය උදාකරලීමට ද අකමැත්තෙන් වුව පුර්ෂ මූලිකත්වය හැමවිටම ඒ වනවිටත් පිළිිගෙන සිටිය යුතු බව ඔහු පවසයි. ජෝන් ලොක් පවා ලිංගභේදය හඳුන්වන්නේ පිරිමියා සහ බිරිඳ ලෙසයි. එනම් පිරිමියාට සාපේක්ශව ගැහැණිය අර්ථකථනය කිරීමයි. එසේනම් වෙනස පිලිගැනීම තුළින් ඒකීයත්වයක් ගොඩනැගීමේ මෙම වියවුලට මුහුණදීමට අප සවිඥානිකව කටයුතු කළයුතු නොවේ ද? මන්ද මේ පිලිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කරන්නා හා එසේ නොමැති වූ ජාතිවාදියා හෝ පුරුෂෝත්තමවාදියා යනු ප‍්‍රායෝගික තලයේදී පැහැදිලිව හඳුනාගත හැකි පාර්ශව දෙකකි. අප මෙලෙස අනෙකාට සාපේක්ශ ව තම පැවැත්ම තහවුරු කරගෙන ඇති  බව ල...

ගෙවී යන කම්කරු දිනය වෙනුවෙන්....

Image
"අපි ගෙවන්නේ නැහැ අපි ගෙවන්නේ නැහැ"  වේදිකා නාට්‍ය දිරාපත්වන ධනවාදී සමාජයක වෙසෙන පුද්ගලයාට වෛරී වූ විවිධ සමාජ සංස්ථාවෝ වෙති. පුද්ගලයාත් මේවාත් අතර ගැටුමක් පවතී. එවැනි සමාජයක වෙසෙන පුද්ගලයෙකු වන කම්කරුවාගේ ක්‍රියාකලාපයේ නිර්ණය කරනු ලබන්නේ මේ ගැටුම විසිනි. මේ තත්ත්වය තේරුම් යන ප්‍රමාණයට කලාකරුවා ඉබේම විප්ලවයේ හවුල්කරුවන් බවට පත්වන්නේය (ලියොන් ට්‍රොට්ස්කි හා සාහිත්‍යකලා). විදග්ධ සම්භාව්‍ය කලා ධාරාවන්ට ප්‍රතිපක්ෂව තම සමස්ත කලාව ව්‍යාපෘතිය පෙළ ගස්වා ගත් දාරියෝ ෆෝ කලාකරුවෙකු ලෙස මෙකී විප්ලවයේ හවුල්කරුවෙක් වන්නේය. නළුවෙකු, නාට්‍ය රචකයෙකු, නාට්‍ය අධ්‍යක්ෂවරයකු, වේදිකා අලංකරණ ශිල්පියෙකු, ගීත රචකයෙකු සහ මාක්ස්වාදී දේශපාලන මත වාදියෙකු වශයෙන් කැපී පෙනෙන දාරියෝ ෆෝ විසින් නාට්‍ය 50 කට වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත. "උන් එක ගිටාරයක් විනාශ කළ නමුත් දහසක් තනු ජනතාව සතුව ඇත" යන නාට්‍ය රට වටා පෙන්වමින් යන අවස්ථාවේ සාර්ඩිනියාවේ දී ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි. මෙහිදී නිෂ්පාදන බලවේගයන් සියල්ල ධනපතීන් කිහිපදෙනෙකු අතර පවතී. ඒ අතර ජනතාවගේ පුළුල් කොටස් වැඩි වැඩියෙන් නිර්ධනීන්...