News Article: ලීසිං නිසා 8704 දෙනෙක් මැරිලා තියනවා. ඔහු 8705 වැනියා
"දේශපාලනඥයන් ඔය ලීසිං සමාගම් වල කොටස් කරුවන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මොවුන් නිසියාකාරව ක්‍ර මවත් වැඩපිළිවෙළක් ගෙන එන්නේ නැත්තෙ". " ලී සිං ආයතනයත් එක්ක පොලිසිය ඉන්නවා, නීතිඥය ඉන්නවා, පාතාල ලෝකය ඉන්නවා. වාහනය අරගෙන යන්නෙ පාතාල ලෝකයේ මිනිස්සු ඇවිල්ල පහර දීල, බය කරලා. ලීසිං ක්‍ර මය කියල කියන්නෙ මාෆියාවක්. සම්පූර්ණ වගකීම රජය සහ මහ බැංකුව බාරගන්න ඕන. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 නඩත්තු කරන්නේ මේ අපි වගේ ලීසිං ආයතනවලින් ණය වෙච්ච, ණයට හිර වෙච්ච මිනිස්සු හම්බු කරන බදු මුදලින්. ජනාධිපතිතුමා මේ රටේ දුප්පත්කම තුරන් කරන්න උත්සාහ කරනවනං කවමදාවත් ඒක සිදු වෙන්නේ නෑ. ලීසිං නිසා ජීවිතය එපා වෙච්ච සහ ඇතිවෙච්ච ප්‍ර ශ්නත් එක්ක 8704 දෙනෙක් මැරිලා තියනවා. අපි මෙම ලබන මාසේ 6 වනදින විශාල ජනතාවක් සමඟ රජයට බල කිරීමක් කරනවා. ලංකාවේ මේවන විට වාහන ලක්ෂ 80කට අධික ප්‍ර මාණයක් තියෙනවා. ඒ වගේම 90%කට අධික වාහන ප්‍ර මාණයක් ලීස් කරලා තමයි අරන් තියෙන්නේ. එතකොට මේ ලීසිං කරලා අරන් තියන වාහන හිමිකරුවන් ලීසිං ආයතනයේ ග්‍ර හණයට නතු වෙලා තියෙනවා. ඒ නතු වීම තුළ වාහනයක් අරගෙන යම් කිසි කර්මාන්තයක්...