Posts

Showing posts with the label Surveillance

තමාට තමාවම දෘෂ්‍යමාන කරවන බ්‍රෙෂ්ටියානු නාට්‍ය කලාව.

Image
Image Source:Internet, RobertoOstiPanopticon "ඇබිත්ත ඇබිත්ත කාපං හරියට ඉවරනවට ලෝබයි වගේ. දුප්පත් මිනිස්සු කන්නේ එහෙමයි".          මිෂෙල් ෆූකෝ විසින් Discipline and Punish (The birth of the Prison )නම් ග්‍රන්ථය රචනා කිරීමෙන් නූතනත්වය ආරම්භයේ දී ඉන්පෙර පැවති දඬුවම් කිරීමේ (Punish)සිට විනයගත කිරීම (Discipline) දක්වා  සමාජය විකාශය වූ ආකාරය පෙන්වා දෙයි. ග්‍රන්ථයේ Panopticism  නම් අනු කොටසේ ජෙරමි බෙන්තම් විසින් ආකෘතිගත කරන ලද Panoptic නම් ගොඩනැගිල්ල පිලිබඳ ව විග්‍රහ කරයි. මෙම ගොඩනැගිල්ල කේන්ද්‍රයේ නිරීක්ෂණ කුළුණකික්(අදුරු බැවින් සිරකරුවන්ට කිසිවක් නොපෙනේ) හා පරිධිය කවාකාර ගොඩනැගිල්ලකින් සමන්විතයි. කවාකාර කොටසේ සිරකරුවන් (උන්මත්තකයින්, රෝගීන්, වරදකරුවන්, කම්කරුවන්, ශිෂ්‍යයන්...) රැඳවීමටත්, විශාල පිරිසක් කේන්ද්‍රයේ වූ තනි නිලධාරියෙකු විසින් නිරන්තර නිරීක්ෂණයට ද භාජනය වේ. මෙහිදී කුටිය තුළ ඇති පුළුල් කවුළු වෙත පතිත වන ආලෝකධාරා සිරකරුවාගේ කුමන ආකාරයේ හැසිරීමකට හෝ නිරීක්ෂකයාගෙන් මිදීමට ඉඩ නොදේ( බිත්ති මත පතිත සෙවනැල්ල නිරීක්ෂණය මගින්). මෙහිදී සිරකරුවා...

ගෝලීය වසංගතය අභිමුවයේ කලාකරුවා

Image
View from inside an individual cell towards the tower at the centre එසේනම් මේ ආකාරයට පුද්ගල අනන්‍යතාවයන් තහවුරු කරමින් රාජ්‍ය විසින් ගෙන යනු ලබන ක්‍රියාකාරීත්වය(අවේක්ෂණය) තුළ ඉදිරිපෙළට යාමට නියමිත චූදිතයා වන කලාකරුවාට මුහුණපෑමට සිදුවන අභියෝගයේ තරම පසක් නොවේද? ජෙරමි බෙන්තම් විසින් නිර්මාණය කරන ලද panopticon නැමති ගොඩනැගීම සිරකරුවන් රැඳවීමේ අපේක්ෂාවෙන් ඉදිකරන ලද්දකි. මෙම කවාකාර ගොඩනැගිල්ලේ කේන්ද්‍රය කුළුණකින් සමන්විතයි. එහි වන නිලධාරියෙකු විසින් පරිධියෙහි කුටිවල සිටින සිරකරුවන් නිරීක්ෂණය කරයි. කුටි පුළුල් ජනෙල් වලින් සමන්විත වේ. මෙහිදී කුටි වෙතට එල්ල වන ආලෝකය තවදුරටත් නිරන්තර නිරීක්ෂකයෙකු මෙන් ක්‍රියාකරයි. එහිදී සෙවනැල්ල තුළින් පවා සිරකරුවන්ගේ ක්‍රියාකලාපය කුළුණ වෙත දෘශ්‍යමාන වේ. මෙය පුංචි නාට්‍යගාරයක් වැනිය. සෑම පුද්ගලයෙකුට ම තමාගේම කුටියක් හිමි වේ. එසේම සිරකරුවන්ට දෙපස ඇති බිත්ති දෙක හේතුවෙන් අනෙක් සිරකරුවන් සමග සම්බන්ධ වීම අහුරා ඇත. සිරකරුවන්ට කිසිවක් නොපෙනේ. එසේම ඔහු තොරතුරු වල වස්තුව බවට හා සන්නිවේදනයේ විෂයක් බවට පත්වේ. මෙසේ අවේක්ෂණයට(monitoring) භාජනය වීම අප අද ම...