Posts

Showing posts from September, 2025

“Difficulty” is a cultural script - ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම

Image
සුමුදු විකසිත   විසින් පසුගිය දා Music matters ආයතනය සංවිධානය කළ “The Listening Biennial 2025 Colombo” ප් ‍ රාසාංගික වැඩසටහනට සාපේක්ෂව ඉදිරිපත් කළ නර්තන / ප් ‍ රාසාංගික ඉදිරිපත් කිරීම පිළිබඳව සටහනක් තබමි . ඡායාරූපය 01                                                                                                                                             ඡායාරූපය 02 ‘අභිවහනයක්ම’ අධ්‍යයනය කිරීම සහ ‘අභිවහනයක් ලෙස සලකා’ අධ්‍යනය කිරීම. නර්තන, නාට්‍ය හා සංගීත ප්‍රසංග යනාදී ඕනෑම ප්‍රාසාංගික කලාවක් අධ්‍යනය කිරීම/ඇගයීම/විචාරය සිදුවන්නේ සෞන්දර්යයත්මක ගුණය පිළ...

බයිලා ගහන දවසක්

Image
  "උඹලා දෙන්නම මේකට විරුද්ධ රට ජාතිය ආගම ගැන තියෙන කැක්කුමකට  නෙවෙයි.  චීවරයක් ඇඳගත්ත ගෑනියෙක් මේක කරන එක ගැන කැක්කුමකට". ඡායාරූපය 01                    බයිලා ගහන දවසක්  වේදිකාගත වන්නේ කිනම් පසුබිමක දැයි ප්‍රථමයෙන්ම විමසා බලමු. රෙකෝඩින්ග් ස්ටූඩියෝ එකක ලොබි එකක් පසුතලයක් කරගෙන තිබෙන ආකාරය දිස්වේ. වේදිකාව සම්පූර්ණයෙන් ආලෝකමත් වී නැත. මෙම නාට්‍යයේ ප්‍රධාන චරිත ත්‍රිත්වයක් දැකිය හැක. ප්‍රථමයෙන්ම අප ඉදිරිපිට පෙනී සිටින චරිතය වන්නේ ධම්මික ඇන්ටනී ය. ඔහු කලිසමක් හා අත් දිග කමිසයකින් සැරසුණු වයස අවුරුදු 48ක් පමණ වන අයෙකි. ධම්මික ඇන්ටනී කිසියම් තාලයකට බයිලා ගායනයක් ලියමින් පුහුණු වෙමින් සිටියි. පසුව එම ස්ථානයට එම ආයතනයේ අයිතිකරු පැමිණේ. මෙවන් පසුබිමක නාට්‍ය ආරම්භ වන අතර පසුව වේදිකාවට මෙහෙණිකෙනෙකුගේ  චරිතය ප්‍රවේශ වේ. මෙම චරිත ත්‍රිත්වය හරහා දිග හැරෙන්නේ දෛනික යථාර්ථය වුවත්, වේදිකාවට නාට්‍ය නිෂ්පාදනයක් ලෙස එය ගෙන එද්දී නරඹන ප්‍රේක්ෂාගාරයට යම් අපහසුතාවයක් දැනෙන්නට පුළුවන. ඒ බෞද්ධ භික්ෂුනියෙකුගේ චරිතයක් වේදිකාවට ගෙන්වා ග...